Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

SJB සමග එක්වන්නැයි SLFP ට ආරාධනා කෙරේ…

  සමගි ජන බලවේගය සමග එක්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එම පක්ෂය විසින් ආරාධනා කර තිබේ. සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී...


 සමගි ජන බලවේගය සමග එක්වන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට එම පක්ෂය විසින් ආරාධනා කර තිබේ.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සඳහන් කරන්නේ තමන් විසින් මෙම ආරාධනාව සිදුකළ බවයි.

පසුගිය මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ට පොදුජන පෙරමුණ විසින් හූ තැබූ බවත් ඡන්දයෙන් පසු ඊට වඩා අපහාස කරමින් ඇති බවත් ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨයන්ට කිසිදු ඇමතිකමක් නොදී කෙනෙහෙලිකම් කරමින් ඇති බවත් පවසන ඔහු දැන් ඔවුන් තමන්ගේ ආත්ම ගෞරවය රැකගෙන හොඳ දේශපාලන පක්ෂයක් සමග එකතු විය යුතු බවද කියා සිටී.

මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියේ මාවනැල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

No comments

Ads Place