Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

SF නිසා හිරේ ගිය ඌවතැන්නේ හිමිට ඩයනාගේ ඉල්ලීමට ජනපති සමාව

  ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිර දඬුවමට ලක්ව සිටින මාළිගාවත්ත බෝධිරාජාරාම විහාරයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිව...

 


ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිර දඬුවමට ලක්ව සිටින මාළිගාවත්ත බෝධිරාජාරාම විහාරයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිව තිබේ.

          

එහිමිට ජනපති සමාව ලැබී ඇත්තේ දඬුවමට එරෙහිව ගොනු කර ඇති අභියාචනය ඉල්ලා අස්කර ගැනීමේ කොන්දේසියට අනුව බවද පැවසේ.හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා 2010 ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ අවස්ථාවේදී ඌවතැන්නේ සුමන හිමියන් ඔහුගේ ප්‍රධානම ආධාරකරුවකු ලෙස කටයුතු කළහ.


2010 ජනාධිපතිවරණයට ආසන්න දිනයකදී මාලිගාවත්ත ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ ටී-56 ගිනි අවියක් ලඟ තබා ගැනීමේ චෝදනාවට එම විහාරස්ථානයේ විහාරාධිපති ඌවතැන්නේ සුමන හිමියන් වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි, උන්වහන්සේට ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේ 2020 ජුනි 01 වැනිදා ය.


ටී-56 ගිනි අවි ලඟ තබාගැනීමේ චෝදනා හැර අත් බෝම්බ 50ක් සහ ජීව පතුරම් 210ක් ලඟ තබා ගත් බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහිව නඟා තිබු සියළු චෝදනාවන්ගෙන් උන් වහන්සේ නිදොස් කොට නිදහස් කිරීමටද විනිසුරුවරයා වැඩිදුරටත් නියම කළේය.ටී-56 ගිනි අවි 02ක් ලඟ තබා ගන්නා ලද බවට ඌවතැන්නේ සුමන හිමියන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කරමින් එම චෝදනාවට උන්වහන්සේ වරදකරු බවට තීරණය කළ විනිසුරුවරයා වරදකරු කළ චෝදනාවට උන්වහන්සේට ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය.මෙම නඩුව මුලින්ම පවරන ලද අවස්ථාවේදී ඌවතැන්නේ සුමන හිමියන්, මාවෙලතැන්නේ සුමේධ හිමියන් සමඟ කරුණා පාර්ශවයේ ආධාරකරුවන් බව කියන ජී. බාලන්, කේ. තමිල් චෙල්වන් සහ සන්දීපන් සුබ්‍රමනියම් නමැති තිදෙනකුද චෝදනා ලැබ සිටියේය.එම විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයන බවට 2018 ජුනි මස 24 වැනිදා නීතීපතිවරයා කළ දැනුම් දීමක් පිළිගත් විනිසුරුවරයා එම විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කළේය.ඌවතැන්නේ සුමන හිමියන්ට පොදු සමාවක් ලබාදෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ ජනාධිපති හා අගමැතිගෙන් ඉල්ලීම් කර තිබිණ.


සරත් ෆොන්සේකා මහතා පිහිටවූ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කොළොන්නාව ආසනයේ ප්‍රධාන සංවිධායකයා ලෙස ද ඌවතැන්නේ හිමි පසුගිය කාලයේදී කටයුතු කළේය.

sri lanka mirror

No comments

Ads Place