Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නාවලපිටිය කණිෂ්ඨ බාලිකා විද්‍යාලයේ සිසුවියකට කොරෝනා : දර්ගා නගරයේ PCR පරීක්ෂණයකින් ආසාදිතයින් 12ක් හමුවෙයි

 ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය කණිෂ්ඨ බාලිකා විද්‍යාලයේ පහ වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇත...


 ගම්පොල කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නාවලපිටිය කණිෂ්ඨ බාලිකා විද්‍යාලයේ පහ වසරේ අධ්‍යාපනය ලබන සිසුවියකට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට අද (21) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව තහවුරු වු බව පස්බාගේ කෝරලේ සෞඛ්‍ය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ලලිත් කොලමුන්න පවසනවා.


අසාදිත සිසුවිය පසුගිය 11 වෙනිදා දින පාසලට පැමිණිම නිසා එදින පාසලට පැමිණි සිසුවියන් 11 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර එම පන්ති කාරමය තාවකාලිකව වසා දමා විෂබිජහරණය කිරිමට කටයුතු කල බවත්, අසාදිත සිසුවියගේ මව සේවය කරන නාවලපිටිය නගරයේ පිහිටි රාජ්‍යය බැංකුවක් අද දින සිට තාවකාලිකව වසා දමා එහි කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධානයට යොමු කිරිමට පියවර ගත් බවද පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ.


නාවලපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ අසාදිත සිසුවියගේ ළගම ආශ්‍රිත සිසුවියන්, ගුරුවරුන් , අසාදිත සිසුවියගේ මව සේවය කල බැංකු ශාඛාවේ කාර්ය මණ්ඩලය පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කිරිමට කටයුතු කරන බවත් අසාදිත සිසුවිය නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට කටයුතු කරන බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.


මේ අතර අලුත්ගම පොලීසිය සෞඛ්‍ය අංශ හා එක්ව දර්ගා නගරයේ අලකඳු පිටිය ප්‍රදේශයේදී පසුගිය 17 වෙනිදා පුද්ගලයන් 150 දෙනෙකු ගේ සිදු කළ පී.සී.ආර් පරීක්ෂණ ප්‍රතිඵල වලින් පුද්ගලයන් 12දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇතැයි අලුත්ගම පොලීසියේ ස්ථාන අධිපති අශෝක කරුණාරත්න අද තහවුරු කර සිටියා.


මෙලෙස හදුනා ගත් පිරිස අතරින් කාන්තාවන් පස් දෙනෙකු ද, පිරිමි පුද්ගලයන් 07 දෙනකු ද වේ. මෙම පිරිස දර්ගා නගරය පදිංචි 11 ක් සහ හෙට්ටිමුල්ලේ එක් අයෙකු වන අතර මෙම ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කළ බවද අලුත්ගම පොලිසියේ ස්ථානාධිපති අශෝක කරුණාරත්න සඳහන් කර සිටියා.

No comments

Ads Place