Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

MCC ගිවිසුමේ අඩංගු කරුණු මෙරට ලිඛිත නීතියට සහ ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්ට දන්වයි

  අමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC ගිවිසුමේ අඩංගු කරුණු මෙරට ලිඛිත නීතියට සහ ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා විසින් ජනාධිපති ලේක...


 අමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිතව තිබූ MCC ගිවිසුමේ අඩංගු කරුණු මෙරට ලිඛිත නීතියට සහ ව්‍යවස්ථාවට පටහැනි බව නීතිපතිවරයා විසින් ජනාධිපති ලේකම්වරයාට කරුණු දැන්වූ බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පවසා සිටී.

ශ්‍රී ලංකාව සමග ඇති කරගත් එකඟතාවයක් මත පස් අවුරුදු සැලැස්මක් යටතේ මෙරට ක්ෂේත්‍ර කිහිපයක යටිතල පහසුකම් දියුණු කිරීමේ කටයුතු වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 480ක දීමනාවක් පිරිනැමීමට අමෙරිකාව තීරණය කර තිබුණ ද එය අත්හිටුවීමට අමෙරිකාව පසුගිය දෙසැම්බරයේ තීරණය කළේය.

එහෙත් පසුගිය මැතිවරණයේදී ලබාදුන් පොරොන්දුවකට අනුව එම ගිවිසුම සමාලෝචනයකින් තොරව අත්සන් නොකරන බවට රජය තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් කමිටුවක් ද පත්කර තිබුණ අතර නීතිපතිවරයාගේ ස්ථාවරය අද (19) දින මෙසේ දන්වා තිබේ.

lankaleadnews

No comments

Ads Place