Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Coconut Tree Hill මනරම් භූමියේ ඉදිකළ කම්බි වැට වහා ගලවා ඉවත් කරන්නැයි නියෝග

ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත් මිරිස්ස coconut tree hill භූමිය බෙදා වෙන්කර ගසා ඇති කම්බි වැට වහාම ඉවත් කරන ලෙස නියෝග කර තිබේ. වැට ඉදිකි...


ශ්‍රී ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත් මිරිස්ස coconut tree hill භූමිය බෙදා වෙන්කර ගසා ඇති කම්බි වැට වහාම ඉවත් කරන ලෙස නියෝග කර තිබේ.


වැට ඉදිකිරීමට පෙර හිටපු තැනැත්තාට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිය යුතු බව දේපල හිමිකරුට රජය නිලධාරීන් විසින් දැනුම් දී තිබේ.


දැනට ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස පිළිගෙන ඇති මෙම ස්ථානයේ ඉදිකිරීම් සඳහා අවසර ලබා දිය නොහැකි බව වෙලිගම ප්‍රාදේශීය සභා සභාපති වරයා පවසයි.


එය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට තීරණයක් ගන්නා ලෙස රජයේ නිලධාරීන් විසින් ව්‍යාපාරිකයාගේ සෙසු හවුල්කරුවන් සමඟ සාකච්ඡා කරන ලෙස ඉල්ලා තිබේ.


දේපළෙහි හවුල් හිමිකරුවන් සිව්දෙනා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව තම තීරණය ප්‍රකාශයට පත් කිරීම සඳහා ව්‍යාපාරිකයා සතියක කාලයක් ඉල්ලා ඇත.


එහි ඉදිකර තිබූ වැට වහාම ඉවත් කරන ලෙස රජයේ නිලධාරීන් ව්‍යාපාරිකයාට දන්වා ඇති අතර, ඔහු එසේ කිරීමට අපොහොසත් වුවහොත් නීතිමය පියවර ගන්නා බව ද පවසා තිබේ .


ඉඩමෙහි හිමිකරු, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, ප්‍රාදේශීය සභාවේ සභාපතිවරුන් සහ භාර නිලධාරි (OIC) යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් මාතර දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි

noizetv

No comments

Ads Place