Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පළමු ටෙස්ට් තරගයේ ජය එංගලන්තයට

  ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් කඩුළු 07 ක් ජයග‍්‍රහණයක් අත්කර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද පෙරවරුවේ සමත්...

 


ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් කඩුළු 07 ක් ජයග‍්‍රහණයක් අත්කර ගැනීමට සංචාරක එංගලන්ත කණ්ඩායම අද පෙරවරුවේ සමත්වුණා. තරගයේ ජයග‍්‍රහණය සඳහා එංගලන්ත කණ්ඩායමට රැස්කර ගත යුතුව තිබුණේ ලකුණු 74 ක් පමණයි. කඩුළු 03 ක් පමණක් දැවී ලකුණු 76 ක් රැස්කර ගනිමින් එංගලන්තය සිය ජය තහවුරු කර ගත්තා. 


තරගය පිළිබඳ ශ‍්‍රී ලංකාවට යම් බලාපොරොත්තුවක් ඇතිවුයේ ඊයේ අවසන් භාගයේ එංගලන්ත පිළේ කඩුළු 03 ක් ලකුණු 14 ක් තුළ දවා ගැනීමත් සමගයි. එහෙත්, ජොනී බෙයාස්ටෝ සහ ඩෑන් ලෝරන්ස් එක්ව අද පෙරවරුවේ ශ‍්‍රී ලංකා බලාපොරොත්තු බිඳ දමමින් එංගලන්තය ජයග‍්‍රහණය කරා රැගෙන ගියා. 


තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව ලකුණු 135 ක් පමණක් රැස්කර ගත් අතර එහි වාසිය ද අත්කර ගනිමින් එංගලන්තය පළමු ඉනිමට ලකුණු 421 ක් රැස්කළා. පළමු ඉනිමේදී පිතිකරුවන් සිදුකළ වැරදි නිවැරදි කර ගනිමින් ශ‍්‍රී ලංකා පිළ දෙවන ඉනිමේදී ලකුණු 359 ක් රැස් කළද, එංගලන්තයට අභියෝගයක් දීමට එය ප‍්‍රමාණවත් වූයේ නැහැ. 


තරගයේ වීරයා සම්මානය ලකුණු 228 ක් රැස්කළ එංගලන්ත නායක ජෝ රූට් හිමිකර ගත්තා. ශ‍්‍රී ලංකා එංගලන්ත දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගය ලබන සිකුරාදා ගාල්ලේදී ආරම්භවීමට නියමිතයි. 

nethnews

No comments

Ads Place