Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

රාජිත ඇතුළු තිදෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනු කරයි

  හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා පත්‍ර භාර දෙන ලැබුවා. මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි...

 


හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනෙකුට කොළඹ මහාධිකරණය අද අධිචෝදනා පත්‍ර භාර දෙන ලැබුවා. මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි  මහතා ඉදිරියේ  මෙම අධිචෝදනා පත්‍ර භාර දෙනු ලැබුවේ අල්ලස් කොමිෂන් සභාව විසින් රාජිත සේනාරත්න මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව දූෂණය නැමැති වරද කර ඇති බවට වන නඩුවක් සම්බන්ධයෙනි.


ඒ අනුව විත්තිකරුවන් තිදෙනා රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා. මේ අතර විත්තිකරුවන්ගේ පෙර වැරැදි අනාවරණය කර ගැනීම සදහා ඔවුන්ගේ ඇගිලි සලකුණු ලබා ගන්නා ලෙසට මහාධිකරණය නියෝග කරනු ලැබුවා.


රාජිත සේනාරත්න, 2014 වර්ෂයේ ධීවර අමාත්‍යවරයා ලෙසට කටයුතු කළ අවස්ථාවේ මෝදර ධීවර වරාය සී ගල්ෆ් යූකේ නැමැති සමාගමට අඩු මුදලකට බදුදීමේදී දූෂණය නැමැති වරද කර ඇති බවට අල්ලස් කොමිෂන් සභාව චෝදනා කරයි. 


ඒ අනුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, ලංකා ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එම සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂක නීල් රවින්ද්‍ර මුනසිංහ අද දින අධිකරණයේ පෙනී සිටිනු ලැබුවා.

nethnews

No comments

Ads Place