Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මහා පරිමාණ සහල් නිශ්පාදකයන්ගේ ගැටළුවලට කලින් සුළු හා මධ්‍ය පරිමාණ නිශ්පාදකයන්ට ණය දෙන්න – අගමැති

සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබා දීමට පියවර ගන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07) උපදෙස් ලබාදී තිබේ. සම...


සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ට ණය පහසුකම් ලබා දීමට පියවර ගන්නැයි ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (07) උපදෙස් ලබාදී තිබේ.


සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමය නියෝජිතයන් සමඟ පාර්ලිමේන්තුවේ කමිටු කාමර 02 හි පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.


මහා පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ ගැටළුවලට පෙර සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයන්ගේ ගැටලු විසඳීමට පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.


රටේ පවතින සහතික වී මිල අනුව පෙබරවාරි පළ වන දා සිට මාස හයකට යාවත්කාලීන වන සහල් හා සඳහා ස්ථිර පාලන මිලක් ලබා ගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මෙම සාකච්ඡාව පැවැත්විණි .


මෙහිදී සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට සහනදායි වශයෙන් ණය ගෙවා දැමීමට අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳ ව අවධානය යොමු විය.

No comments

Ads Place