Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹට නොපැමිණ ළඟම පාසැලට යන්න සිසුන්ට හා ගුරුවරුන්ට අවස්ථාවක්

 පාසැල් යාමේදී දිස්ත්‍රික් අතර හා පළාත් අතර ගමනාගමනය අවම කිරීමට හැකිතාක් පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය, සියළු සාමාන්‍ය පෙල දරුවන්ගෙන් හා...


 පාසැල් යාමේදී දිස්ත්‍රික් අතර හා පළාත් අතර ගමනාගමනය අවම කිරීමට හැකිතාක් පියවර ගන්නැයි අධ්‍යාපන අමාත්‍යංශය, සියළු සාමාන්‍ය පෙල දරුවන්ගෙන් හා ගුරුවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා. ඒ අනුව තමන් අධ්‍යාපනය ලබන පාසැල කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටා තිබුණද ළඟම ඇති පාසැලට ඇතුලත් වී තාවකාලිකව අධ්‍යාපනය ලැබීමේ පහසුකම් ලබා දීමටයි තීරණය කර ඇත්තේ. 


අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ එලෙස ළඟම පාසැලෙන් අධ්‍යාපනය ලැබීමට කැමති දරුවන් වේ නම් ඔවුන්ට ඒ සඳහා අවසර ලබා දීමට සූදානම් බවයි. ගුරුවරුන්ට ද පළාත් අතර ගමනාගමනයෙන් තොරව ළඟම ඇති පාසැලට ගොස් දරුවන්ට ඉගැන්වීමට අවසර ලබා දීමට තීරණය කල බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියා. 


අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ පාසැල් විවෘත කිරීමට ගත් තීරණය ඉතා අසීරු එකක් වූ බවයි. එබැවින් එහි සාර්ථකත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සියළු දෙනාගේ සහය අවශ්‍ය බවද මෙහිදී අවධාරණ කෙරුණා. 


පාසැල් ළමුන් ප්‍රවාහනයේදී මෙවර ද වැඩි සැලකිල්ලක් දක්වා ඇති බව මහාචාර්ය කපිල පෙරේරා නෙත් නිවුස් වෙත කියා සිටියා. ප්‍රවාහන මාධ්‍යයේදී ඇතිවිය හැකි අවධානම අවම කර ගැනීම සඳහා ගත හැකි අපූරු විසඳුමක් ද අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මෙලෙස විස්තර කලා.


සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් බස්නාහිර පළාතේ පාසැල් ඊයේ සිට යළි විවෘත කෙරුණා ඒ, මාස 03 කටත් අධික කාලයකට පසුව වීම විශේෂත්වයක්. ඒ අනුව බස්නාහිර පළාතේ පාසැල් 907 ක් එහිදී විවෘත වූ අතර අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදා වූ සිසු දරු දැරියන් සංඛ්‍යාව 73,319 ක්. 

No comments

Ads Place