ගොන් බැදි කරත්තයක්ද රැගෙන ආ නේපාල ජාතික නිදහස් ශිෂ්‍ය සංවිධානයේ සිසුහු දහස් ගණනක් කත්මන්දු අගනුවරදී භාරකාර අගමැති ෂර්මා ඔලිට එරෙහිව දැවැන...
ගොන් බැදි කරත්තයක්ද රැගෙන ආ නේපාල ජාතික නිදහස් ශිෂ්‍ය සංවිධානයේ සිසුහු දහස් ගණනක් කත්මන්දු අගනුවරදී භාරකාර අගමැති ෂර්මා ඔලිට එරෙහිව දැවැන්ත විරෝධතාවයක නිරත වූහ.
මෙහිදී උද්ඝෝෂකයන් ආරක්ෂක අංශ හා ගැටුණු අතර ඔවුන් විසුරුවා හැරීම සදහා කදුලු ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කෙරිණ.
වත්මන් අගමැති ෂර්මා ඔලි මීට වසර ගණනාවකට පෙර රාජාණ්ඩුවට එරෙහි අරගලයේ නායකයෙකු ලෙස කටයුතු කරන සමයේ ප්‍රකාශ කර තිබුණේ නේපාලය රාජාණ්ඩුවක් සමග ඉදිරියට යාම ගොන් කරත්තයකින් ඇමරිකාවට යාමට උත්සහ දැරීම හා සමාන බවයි.
එකළ මහත් ජනප්‍රියත්වයට පත්වූ මෙම ප්‍රකාශය සිහිපත් කරමින් ගොන් කරත්තයක්ද රැගෙන කත්මන්දු නගරයට රැස්වූ විරෝධතාකරැවන් ප්‍රකාශ කළේ අගමැතිවරයා එදා පැවසූ දේ අමතක කොට අද නේපාලය යළි අතීතයට ඇදගෙන යෑමට තැත් කරන බවයි.
තනි තීරණයක් මත එරට පාර්ලිමේන්තුව කලින් විසුරුවා හැරීමට අගමැති ෂර්මා ඔලි ගත් තීරණය හේතුවෙන් මේ වනවිට නේපාලයේ උණුසුම් දේශපාලන වාතාවරණයක් මතුව ඇති අතර මේ හේතුවෙන් එරට පාලක කොමියුනිස්ට් පක්ෂය කොටස් දෙකකට බෙදී තිබේ.
No comments