Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වැරදිවලට දඬුවම් දීම නීතියට පැවරී ඇති කාර්යක්- මා ඒකට මැදිහත් වෙන්නේ නෑ – ජනපති

  ජනතාව අතරට වැරදි මත ගෙන යන්නේ නැතිව සාධාරණව දේශපාලනයේ නිරත වන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක් කරන බවද විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට තමා කිසිවිටෙකත...

 


ජනතාව අතරට වැරදි මත ගෙන යන්නේ නැතිව සාධාරණව දේශපාලනයේ නිරත වන්නැයි විපක්ෂයෙන් ඉල්ලීමක් කරන බවද විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට තමා කිසිවිටෙකත් සූදානම් නොමැති බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.


බලය තිබියදී ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ තමාට නීතිය මිස දේශපාලන පළි ගැනීම් නැති බව පෙන්වා දෙන ඒ මහතා පසුගිය කාලයේ සිදු කර තිබෙන වැරදිවලට දඬුවම් දීම නීතියට පැවරී ඇති කාර්යභාරයක් වන නමුත් ඒ සඳහා මැදිහත් වී කලින් රජය කළාක් මෙන් දේශපාලන පළි ගැනීම් කිරීමට තමා සූදානම් නැතැයි ද අවධාරණය කරයි. නන්දසේන ගෝඨාභය රාජපක්ෂ හෝ ගෝඨාභය රාජපක්ෂ හෝ යන චරිත දෙකෙන් ඕනෑම චරිතයකට තමා සූදානම් වුවත් විපක්ෂය මෙන් පාදඩ දේශපාලනයකට තමා සූදානම් නැතැයි ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.


අම්පාර, උහන, ලාතුගල ගම්මානයේ පැවති ‘ගම සමඟ පිළිසඳර’ වැඩසටහනට පෙරේදා(09) සහභාගී වෙමින් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

No comments

Ads Place