Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‍යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වන වැඩසටහනේ හිල් - සෞඛ්‍ය උපදේශත් නොතකයි

  සංචාරකයින් මෙරටට ගෙන්වීම නිසි ක‍්‍රමවේදයට අනුව සිදුනොවන බවට මේවනවිට තොරතුරු වාර්තාවෙමින් තිබෙනවා. ඇතැම් සංචාරකයින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ ...

 


සංචාරකයින් මෙරටට ගෙන්වීම නිසි ක‍්‍රමවේදයට අනුව සිදුනොවන බවට මේවනවිට තොරතුරු වාර්තාවෙමින් තිබෙනවා. ඇතැම් සංචාරකයින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පවා ආරක්ෂා නොකරන අයුරු දැකගත හැකියි.


සංචාරකයින් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතියට අනුව මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් බහුතරය යුක්රේන ජාතිකයින්. එම සංඛ්‍යාව 600 කට අධිකයි. ඊයේ දිනයේද, 97 දෙනෙකු රැුගත් යුක්රේන ගුවන් යානයක් මෙරටට පැමිණියා. එම සංචාරක කණ්ඩායමේ සිටි ඇතැම් පිරිස් ද මුව ආවරණ නිසි ලෙස පැළඳ නොසිටි බවටයි නිරීක්ෂණය වී ඇත්තේ. 


මෙරටට පැමිණි සංචාරකයින්, සංචාරක මාර්ගෝපදේශ උල්ලංඝණය කළ පළමු අවස්ථාව මෙය නොවන බව ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඔවුන් මෙරට තුළ නිරෝධායනය වන කාලසීමාවේදීම විවිධ ප‍්‍රදේශවල සංචාරය කරනවා.


ඒ, ජෛව ආරක්ෂක බුබුළකට යටත්වයි. ඔවුන් ඉකුත් දින කිහිපයේ එලෙස මිරිස්ස සහ යාල ප‍්‍රදේශවල සංචාරය කර තිබුණා. එහිදීද, ඔවුන් මුව ආවරණ පැළඳීම ඇතුළු නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ කි‍්‍රයාත්මක කරන අයුරු දැකගැනීමට හැකිවූයේ නැහැ.


ශ‍්‍රී ලංකා සංචාරකයින් ගෙන්වන්නන්ගේ සංගමයේ සභාපති තිලක් වීරසිංහ ද නියමු ව්‍යපෘතියේ ගැටළු ඇති බව පිළිගත්තා. 


ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමිලා ප‍්‍රනාන්දු, විෂයභාර අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග වෙත ලිපියක් මගින් දැනුම්දී ඇත්තේ යුක්රේන සංචාරකයින්ට පහසුකම් සැපයූ සංචාරක නියෝජිත ආයතන පවා කොවිඞ් මර්ධන කාර්යය සාධක බලකායේදී ඇතිකර ගත් එකගතාවන් කඩකර ඇති බවයි.


යුක්රේනයේ සිට මෙරටට පැමිණි සංචාරකයින් මිරිස්ස සහ යාල ප‍්‍රදේශවල සංචාරය කළ බවට තමන් දැනුවත් වූයේද, මාධ්‍යතුළින් බවයි සභාපතිවරිය සිය ලිපිය මගින් පවසන්නේ.


කොවිඞ් මර්ධන කාර්යය සාධක බලකායේ එකගතාවන්ට අනුව යුක්රේන ජාතිකයින්ගේ සංචාරය සංවිධාන කරන පුද්ගලයා ඒ පිළිබඳ තොරතුරු, සංචාරක සංවර්ධන අධිකාරියට ලබාදිය යුතු වනවා. එහෙත්, යුක්රේන සංචාරකයින් සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් මෙතෙක් සංචාරක ප‍්‍රවර්ධන පුද්ගලයින්ගෙන් හෝ සංචාරක නියෝජිත ආයතන මගින් තමන් වෙත ලැබී නොමැති බව ද, ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමිලා ප‍්‍රනාන්දු පවසනවා. 


යුක්රේන සංචාරකයින් පිරිසක් යාල වනෝද්‍යානය නැරඹීමට යාමත් සමග මේවනවිට මතුව ඇත්තේ ද, ගැටළුකාරී තත්ත්වයක්. ඒ, අදාළ සංචාරය නිමවීමත් සමග ඊට සම්බන්ධ වූ සෆාරි ජීප්රථ රියදුරන් ඇතුළු පිරිසක් දින 14 ක් නිරෝධායනයට ලක් කිරීමත් සමගයි.


යාල ස්වාධීන ජීප්රථ සංගමය පවසන්නේ සංචාරකයින් රැගෙන යාමෙන් පසු එලෙස තමන් නිරෝධායනයට ලක්විය යුතු බවට කිසිඳු තොරතුරක් බලධාරීන් තමන්ට ලබාදී නොතිබූ බවයි. 


නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් සංචාරක අමාත්‍යංශයෙන් ද විමසීමක් කළා. එහි ලේකම් එස් හෙට්ටිආරච්චි පැවසුවේ තොරතුරු සහ ක‍්‍රමවේදයන් පිළිබඳ අදාළ අංශ නිසි පරිදි දැනුවත් වී නොමැති වීම ගැටළුවට හේතුවී ඇති බවයි.


පවතින තත්ත්වය මත කිසියම් විදෙස් සංචාරක කණ්ඩායමක් යළි යාල වනෝද්‍යානයේ සංචාරය කරන්නේ නම්, ඔවුන්ට සේවා සැපයීමට යොමු කරන්නේ මේවනවිට නිරෝධායනය වන සෆාරි ජීප්රථ රියදුරන් බව ඔහු පැවසුවා.


මතුවී ඇති අර්බුදය හඳුනාගෙන ඇති බවත්, ඉදිරියේදී එවැන්නක් සිදුනොවීමට කටයුතු කරන බවත්, සංචාරක අමාත්‍යංශයේ ලේකම්වරයා නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළා. 


විෂයභාර අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග ද අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ යාල වනෝද්‍යානයේ ඇතිවූ තත්ත්වය යළි ඇතිනොවීමට පියවර ගන්නා ලෙසයි.

No comments

Ads Place