Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අවුරුදු එකහමාරක දරැවෙකුට කොරෝනා..

  බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු එකයි මාස හතරක පිරිමි දරැවෙකුට කෝවිඩි 19 වසංගත ආසාදනය විි ඇති බවට බදුල්ල මහ රෝහලේ දි සිදුකල ක්...

 


බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු එකයි මාස හතරක පිරිමි දරැවෙකුට කෝවිඩි 19 වසංගත ආසාදනය විි ඇති බවට බදුල්ල මහ රෝහලේ දි සිදුකල ක්ණික ප්‍රතිදේශ පරික්ෂණයේදී (06) දා තහවුරු වි ඇතැයි බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.

ඉකුත් 3 වැනිදා රාත්‍රියේ හල්දුම්මුල්ල ප්‍රදේශයේදී වැන් රථයක් පෙරලිමෙන් සිදු වු අනතුරකින් එම දරැවා ඇතුළු 14 දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කෙරිණි. එම අනතුරින් මෙම දරැවාගේ හිසේ සහ පාදයේ ඇති වු බරපතළ තුවාල හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරැ කර ⁣යවා තිබුණි.

පසුව බදුල්ල මහා රෝහලේ දි සිදු කර ඇති කොරෝනා පරික්ෂණයේදී එම වයස අවුරැද්දයි මාස හතරේ දරැවාට කොරෝනා වෛරස අාසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් පැවැසුහ.

බලන්ගොඩ දෙහිගස්තලාව සහ ගොරක්ගහමඩ ප්‍රදේශවල පදිංචි එම දරැවාගේ මවගේ සහ පියාගේ පවුල්වල සාමාජිකයින් 10 දෙනෙකු (06) දා ස්වයං නිරෝධායනයට යෙමු කිරිමට කටයුතු කල බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පැවැසීය .

No comments

Ads Place