Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගාල්ලේ ප්‍රධාන පෙළේ පාසැලක රගර් ක්‍රීඩකයින් සිව්දෙනෙකුට කොරෝනා : ශ්‍රී පාදයේ සහ නුවරඑළියේ සංචාරය කර ඇති බවට හෙළිවෙයි

  ශ්‍රිපාද වන්දනාවේ ගිය ගාල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාසැලක රගර් කණ්ඩායමේ ක්‍රිඩකයින් සිව් දෙනෙකුට හා එම ක්‍රිඩකයකුගේ මවකට කොරෝනා වෛරසය ...

 


ශ්‍රිපාද වන්දනාවේ ගිය ගාල්ල ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාසැලක රගර් කණ්ඩායමේ ක්‍රිඩකයින් සිව් දෙනෙකුට හා එම ක්‍රිඩකයකුගේ මවකට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි පවසනවා.


මෙම පාසැලේ රගර් කණ්ඩායමේ ක්‍රිඩකයින් 12 දෙනෙකු සිය දෙමව්පියන් සමග ජනවාරි 17 වැනි දා ශ්‍රීපාද වන්දනාවේ ගොස් ඇති අතර ඉන් ක්‍රිඩකයින් දෙදෙනෙකු හික්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර අනික් අය විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි කරුණු වාර්තා වී ඇත්තේ.


පසුගිය 18 වෙනිදා මෙම පිරිස නුවරඑළිය බලා ගොස් එහි පිහිටි නිවාඩු නිකේතනයක නවාතැන් ගෙන සිට ඇති බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. යලි මොවුන් ගාල්ලට පැමිණ ඇති අතර එහිදි එක් රගර් ක්‍රිඩකයකුගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති අතර වෛරසයට ආසාදනය වූ අය මිනුවන්ගොඩ ප්‍රදේශයේ කුලිනිවසක පදිංචිව සිට ඇති බවයි විශේෂඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි සඳහන් කළේ.


පසුව එම රගර් ක්‍රිඩකයාට කරණු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි ඔහුටද කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා ප්‍රකාශ කර සිටියේ.


පසුව හික්කඩුව ප්‍රදේශයේ පදිංචි මෙම පාසලේ රගර් කණ්ඩායමේ ක්‍රිඩකයින් දෙදෙනාට ද පි.සි.ආර් පරික්ෂණවලදි කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇත.


පි.සි ආර් පරික්ෂණ කරාපිටිය ශික්ෂණ රෝහලේ දි සිදුකොට ඇති අතර මෙම පාසල් රගර් ක්‍රිඩකයින් 04 දෙනා කරාපිටිය රෝහලේ 36 වාට්ටුවේ සිට අම්බලන්ගොඩ පොල්වත්ත කොරෝනා වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානය සදහා යොමුකරණ බවයි ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥවරයා වැඩිදුරටත් සදහන් කළේ.

No comments

Ads Place