Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වි⁣රෝධතා හේතුවෙන් චීන ව්‍යාපෘති පිලිබද මියන්මාරය දෙගිඩියාවෙන්

  විවිධ පාර්ශ්ව වෙතින් මතුව ඇති විරෝධතා හේතුවෙන්,  චීනයේ මැදිහත්වීමෙන් ආරම්භ කිරීමට නියමිත නව ව්‍යාපෘති පිළිබද මියන්මාරය තවදුරටත් සුපරීක්ෂාක...

 


විවිධ පාර්ශ්ව වෙතින් මතුව ඇති විරෝධතා හේතුවෙන්,  චීනයේ මැදිහත්වීමෙන් ආරම්භ කිරීමට නියමිත නව ව්‍යාපෘති පිළිබද මියන්මාරය තවදුරටත් සුපරීක්ෂාකාරී පිළිවෙතක නිරතවන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.


පසුගිය වසරේ ජනවාරි මාසයේ සිදුවූ චීන ජනාධිපතිවරයාගේ මියන්මාර සංචාරයේදී නව කර්මාන්ත කලාප ඇති කිරීම, නගර සංවර්ධනය ආදිය සම්බන්ධයෙන් ගිවිසුම් රැසක් ඇතිකර ගනු ලැබිණ.


එහෙත් මෙම ගිවිසුම්වල සදහන් ව්‍යාපෘති කිසිවක් තවමත් ආරම්භ වී නොමැති අතර ඊට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ ප්‍රදේශීය ප්‍රධානීන්ගෙන් එල්ල වී ඇති බලපෑම් සහ විරෝධතා බව සදහන් වේ.


මේ හේතුවෙන් අදාළ ව්‍යාපෘති කඩිනම් කරවාගැනීමේ අරමුණින් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මේ මාසයේදී මියන්මාරයේ සංචාරයක නිරතවීමට නියමිතයි.


කෙසේවෙතත්,මියන්මාරය මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් ඉතා සුපරීක්ෂාකාරී පිළිවෙතක් අනුගමකරන බව එරට ඉරවඩි පුවත්පත වාර්තා කර තිබේ.

No comments

Ads Place