Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැලේසියාව සති දෙකක් ලොක්ඩවුන්

  දින 14 ක කාලයක් රට වසා දැමීමට මැලේසියානු රජය තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තියේ සීග‍්‍ර ඉහළයාම හේතුවෙන් මැලේසියානු අගනුවර වන ක්වාලා...

 


දින 14 ක කාලයක් රට වසා දැමීමට මැලේසියානු රජය තීරණය කර තිබෙනවා. කොරෝනා වෛරස ව්‍යාප්තියේ සීග‍්‍ර ඉහළයාම හේතුවෙන් මැලේසියානු අගනුවර වන ක්වාලාලම්පූර් සහ තවත් ප‍්‍රාන්ත 5 ක් වසා දමන බවයි මැලේසියානු අග‍්‍රාමාත්‍ය මුහායිදින් යසින් ප‍්‍රකාශ කර ඇත්තේ.


ඒ අනුව හෙට මධ්‍යම රාති‍්‍රයේ සිට අදාළ ප‍්‍රදේශවල සියළු සමාජ කි‍්‍රයාකාරකම් තහනම් වනවා. කර්මාන්ත ශාලා, ඉදිකිරීම්, වෙළද හා බෙදාහැරීම්, වැවිලි යන අංශවල අත්‍යවශ්‍ය ආර්ථික කටයුතු අඩු ධාරිතාවකින් යුතුව සිදුකර ගෙන යාමටයි අවසර ලබාදී ඇත්තේ.


කොරෝනා වෛසරයේ මුල් අවධිය වූ ඉකුත් මාර්තු මාසයේද මැලේසියාව දැඩි සංචරණ සීමා කි‍්‍රයාත්මක කළා. එම කාලවකවානුවේ කොරෝනා ආසාදිතයින් වාර්තාවීම අඩු වූ නමුත් ඉකුත් සැප්තැම්බරයේ සිට දෛනිකව වාර්තා වන ආසාදිතයින් ගණන යළි ඉහළ ගියා.


පසුගිය සතිය වනවිට මැලේසියාවෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් ගණන 3,000 සීමාව ඉක්මවා ගිය අතර එම තත්ත්වය සැලකිල්ලට ගෙනයි රට අගුලූ දැමීමට මැලේසියානු රජය තීරණය කර ඇත්තේ. මේ වනවිට මැලේසියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්‍ෂ 38,224 ක්.  කොරෝනා මරණ 555 ක් එරටින් වාර්තා වී තිබෙනවා. 

No comments

Ads Place