Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රධාන පාසලක ගුරුවරියකට සහ සිසුන් දෙදෙනෙකුට කොරෝනා.. පෙර අසාදිතයා පාසල් සිසුවෙක්..

  හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක ස්වයං නිරෝධානයට යොමු කර සිටි ගුරුවරියකට සහ 10 වසරේ අධ්‍යාපනය...

 


හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක ස්වයං නිරෝධානයට යොමු කර සිටි ගුරුවරියකට සහ 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (20) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.ආර්.එස් මැදවෙල මහතා පැවසිය.

ඉකුත් 15 දින එම පාසලේ 10 වසරේ අධයාපනය ලබන පාසල් සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු නිසා එම සිසුවා බගවන්තලාව නිරෝධායන මධ්‍යස්ථානය කරා යොමු කර එම පාසලේ සිසු සිසුවියන් 38 දෙනෙකු සහ ගුරුවරුන් සිව්දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර පසුව සිදු කල පි.සි.ආර් පරික්ෂණය අනුව එම පාසලේ ගුරුවරියෙකුට සහ සිසුන් දෙදෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

කොවිඩ් 19 වෛරසය අසාදනය වු ගුරුවරිය සහ සිසුන් දෙදෙනා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කරන බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසිය.

No comments

Ads Place