Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා වාට්ටුවට සැකපිට ඇතුලත් කළ කාන්තාවක් වැල්ලවාය රෝහලෙන් පළා යද්දී අල්ලා ගැනේ

 වැල්ලවාය මූලික රෝහලේ කොරෝනා සැකකටයුතු රෝගීන් ඇතුළුත් කිරීමේ වාට්ටුවෙ සිටි කාන්තාවක් අද (18) එම වාට්ටුවෙන් පලා ගොස් තිබේ. අදාල කාන්තාවට කොරෝ...


 වැල්ලවාය මූලික රෝහලේ කොරෝනා සැකකටයුතු රෝගීන් ඇතුළුත් කිරීමේ වාට්ටුවෙ සිටි කාන්තාවක් අද (18) එම වාට්ටුවෙන් පලා ගොස් තිබේ. අදාල කාන්තාවට කොරෝනා පිලිබඳව ඇති වූ සැකයක් මත රෝහලේ කොරෝනා සැක කටයුතු වාට්ටුව වෙත ඇතුළුත් කර PCR පරීක්ෂණ ලැබෙන තෙක් එහි රඳවා සිට ඇත.


එම වාර්තා අද දින ලැබීමට නියමිතව තිබී ඇති අතර එම ප්‍රතිඵල ලැබීමට පෙර අදාල කාන්තාව අද දින මෙලෙස පලා ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කලේ.


මෙම කාන්තාව රෝහලේ ඉදිපස ගේට්ටුවෙන් පැන ප්‍රධාන මාර්ගය වෙත පිවිසි පසුව කෙල ගසමින් පාර පුරා දිව ගොස් තිබේ. පසුව වහාම ක්‍රියාත්මක වූ රෝහල් සේවිකාවක් සහ ආරක්ෂක අංශයේ නිළධාරිනියක් මෙම කාන්තාව අල්ලාගෙන රෝහලේ වාට්ටුව වෙත නැවත ගෙන ගොස් ඇත.


මෙලෙස පළා යෑමට තැත් කර ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු තිස් එකක් වූ කාන්තාවක් වන අතර ඇයගේ PCR පරීක්ෂණ ප්‍රතිඵලය ඉදිරියේ දී ලැබීමට නියමිතව ඇති බවයි වැල්ලවාය රෝහලේ ප්‍රකාශයක් පැවසුවේ.

nethnews

No comments

Ads Place