Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විද්‍යුත් තැපෑල හරහා මුදල් වංචා කළ විදේශකයෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට

  මොරටුව ප‍්‍රදේශයේ පදිංචි ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ විද්‍යුත් තැපෑල පරිහරණය කළ නයිජීරියානු ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අපරාධ පරික්‍ෂණ...

 


මොරටුව ප‍්‍රදේශයේ පදිංචි ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ විද්‍යුත් තැපෑල පරිහරණය කළ නයිජීරියානු ජාතිකයෙකු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 


පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ අදාළ ගෘහ නිර්මාණ ශිල්පියා ප‍්‍රංශයේ වෙසෙන තවත් ශී‍්‍ර ලාංකිකයෙකුට යැවූ විද්‍යුත් තැපෑල පණිවිඩයේ තිබූ ගිණුම් අංකය වෙනස් කර සැකකරුවන්ගේ ගිණුම් අංකයක් ඇතුළත් කර එම විද්‍යුත් තැපෑල පණිවිඩය යවා ඇති බවයි.


සැකකාර නයිජීරියානු ජාතිකයාගේ නවාතැනෙහි තිබී ව්‍යාජ හැදුනුම්පත් 22 ක් ඇතුළ තවත් භාණ්ඩ කිහිපයක් සොයාගත් බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

No comments

Ads Place