Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවෙන් කිසිම සහනයක් නෑ – සඳුදා සිට බස් වර්ජනයක් !

 කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ පෞද්ගලික බස්රථ කර්මාන්තය බින්දුවටම කඩාවැටී ඇති බවත් ආණ්ඩුවෙන් ඉල්ලූ කිසිම සහනයක් නොලැබුණු නිසා ලබන 18 වැනිදා සිට...


 කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ පෞද්ගලික බස්රථ කර්මාන්තය බින්දුවටම කඩාවැටී ඇති බවත් ආණ්ඩුවෙන් ඉල්ලූ කිසිම සහනයක් නොලැබුණු නිසා ලබන 18 වැනිදා සිට පෞද්ගලික බස් වර්ජනයක නිරතවන බවත් ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.


ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙලෙසිනි…


“නොවැම්බර් මාසයේ ඉඳලා තාමත් අපේ පෞද්ගලික බස්රථ හරියට ධාවනය වෙන්නේ නැහැ. මේ තත්ත්වය උඩ පළාත් සභාවෙන් කියනවා ලොග් ෂීට් ගන්න කියලා. කොරෝනා වසංගතය නිසා දුවපු නැති බස්වලටත් ලොග් ෂීට් ගන්නලූ. මේක හරි අසාධාරණයි.

 

ආණ්ඩුවෙන් දුන්නු සහන දකුණු පළාත් සභාව හැර අනෙකුත් පළාත් සභාවලින් අපේ පෞද්ගලික බස්රථ කර්මාන්තයට ලැබුණේ නැහැ.

 

ඒ වගේම මේ පෞද්ගලික බස්රථ ධාවනය හා පරිපාලනය ඒකාබද්ධ කරන්න කියලා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියා. නමුත් ඒ දේවත් මේ වෙනකන් ආණ්ඩුව කළේ නැහැ.

 

 ඒ වගේම දේශපාලන හිතවතුන්ට පෞද්ගලික බස්රථ ධාවනය කරන්න මාර්ග බලපත‍්‍ර දෙන්න හදනවා. මේක වහාම නතර කළ යුතුයි.

 

 ඒ වගේම කොරෝනා වසංගතය සමඟ ගම්වලට ගිය බස්රථ සේවකයන් තාම කොළඹ ඇවිත් නැහැ. මේ නිසා තාමත් බස්රථ බොහෝමයක් ගෙවල්වල. මේ තත්ත්වය යටතේ බස් ටික ධාවනය කරගන්න බැරිවීම තුළ ලීසිං ගෙවා ගන්න නොහැකිව බස්රථ හිමිකරුවන් අන්ත අසරණ වෙලා. ලීසිං සහනයක් දෙන්න කිව්වට ඒවත් කි‍්‍රයාත්මක වෙන්නේ නැහැ.

 

 මෙන්න මේ නිසා ලබන 18 වැනිදා ඉඳලා අපි බස් වර්ජනයක නිරත වෙනවා.“


පුවත්පතකට අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කර තිබුණේය.

noizetv

No comments

Ads Place