Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වතුකරයේ කොටසක් ලොක්ඩවුන්..

  බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන නොර්වුඩ් ඉන්ජස්ට්‍රි වත්තේ බිරට් කොටසේ පවුල් 10 පදිංචි වතු නිවාස පේලියක් (04) දි...


 බගවන්තලාව සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යයාලය යටතේ පාලනය වන නොර්වුඩ් ඉන්ජස්ට්‍රි වත්තේ බිරට් කොටසේ පවුල් 10 පදිංචි වතු නිවාස පේලියක් (04) දින සිට හුදකලා කල බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ.ගනේෂ් මහතා පැවසිය.

හැටන් වටවල පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවය කල සේවිකාවන් සිව්දෙනෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි එම අසාදිතයන් නිරෝධායන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමෙන් පසු එම වතු යායේ පවුල් 12 කට අයත් සමාජිකයන් 47 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කර සිදු කල පි.සි.ආර් පරික්ෂණ වාර්තාවක් අනුව ඇගළුම් කර්මාන්ත පෙර අසාදිතයෙකුගේ මවට සහ නැගණියට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (04) දින තහවුරු වි ඇත.

(04) දින කොවිඩ් 19 වෛරසය අසාදනය වු මව එම වතුයායේ තේ දළු නොලිමේ රැකියාවේ නිරතව ඇති නිසා එම අසාදිතයාගේ ළගම ආශ්‍රිතයන් ගණනාවක් එම වතු නිවාස පේලියේ පදිංචි නිසා එම වතු නිවාස පේලිය හුදකලා කිරිමට පියවර ගත් බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

ස්වයං නිරෝධානයට යොමු කල සෙසු පිරිස සහ හුදකලා කෙරුණු වතු නිවාස පේලියේ පදිංචිකරුවන් පි.සි.ආර් පරික්ෂණයට භාජනය කිරිමට කටයුතු කරන බවද මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා පැවසිය.

මේ අතර බගවන්තලාව කැම්පියන් ලොයිනොන් වතු යායේද කොවිඩ් 19 වෛරසය අසාදනය වු කාන්තාවක් (04) දින හමු වි ඇති බවත් , ඇය කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට වතුකරයේ පිහිටි ඇයගේ නිවසට පැමිණෙන අතරතුර ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොලේදි සිදු කල අහඹු ලෙස සිදු කල පි.සි.ආර් පරික්ෂණයක් අනුව ඇයට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍යය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.

No comments

Ads Place