ඇමරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ සිට ඉන්දියාවේ බැංගලෝර නගරය දක්වා කිලෝමීටර් 16,000 කට ආසන්න දුරක් අඛණ්ඩව මගී ගුවන් යානයක් පදවමින් එයාර්...
ඇමරිකාවේ සැන්ෆ්‍රැන්සිස්කෝ නගරයේ සිට ඉන්දියාවේ බැංගලෝර නගරය දක්වා කිලෝමීටර් 16,000 කට ආසන්න දුරක් අඛණ්ඩව මගී ගුවන් යානයක් පදවමින් එයාර් ඉන්දියා ගුවන් සමාගමේ කාන්තා නියමුවරියෝ වාර්තාවක් තැබූහ.
ඒ මෙතෙක් ලෝකයේ කාන්තා නියමුවන් විසින් පැදවූ දිගුම සෘජු දුර මගී ගුවන් ගමන වේ.
එමෙන්ම එය උත්තර ධ්‍රැවය හරහා සම්පූර්ණයෙන්ම කාන්තා නියමුවරියන් විසින් මෙහෙය වූ දීර්ඝතම මගී ගුවන් ගමන ලෙසද ඉතිහාසයට එක්වෙයි.
එයාර් ඉන්දීය ගුවන් සමාගමෙි කාන්තා නියමුවරියන් සිව්දෙනෙකු මෙම වාර්තාව තැබීමට දායක වූ අතර ගමනට ගතවූ කාලය පැය 17 කි.
මෙය ඇමරිකාවේ බටහිර වෙරලේ සිට දකුණු ඉන්දියාව දක්වා වූ පළමු සෘජු මගී ගුවන් ගමන ලෙසද සදහන් වේ.
ගුවන් ගමන නිමවීමෙන් අනතුරැව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එහි කපිතාන්වරිය වූ සොයා අග්‍රවාල් සදහන් කළේ මෙම ක්‍රියාව සමස්ත කාන්තාවන් වෙනුවෙන්ම ආඩම්බර විය හැකි ජයග්‍රහණයක් බවයි.
No comments