Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුතුරාජවෙල අභයභූමියට කිසිවකුට අත තියන්න දෙන්නේ නෑ..- ලන්සා

  මුතුරාජවෙල අභයභූමිය තුළ කිසිවකුට කිසිදු සංවර්ධන කාර්යයක් සිදු කිරීමට ඉඩ නොදෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල...

 


මුතුරාජවෙල අභයභූමිය තුළ කිසිවකුට කිසිදු සංවර්ධන කාර්යයක් සිදු කිරීමට ඉඩ නොදෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ මීගමුව වැල්ලවීදිය මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

“මුතුරාජවෙල රක්ෂිතය, මුතුරාජවෙල අභයභූමිය තුළ අනවසරයෙන් හෝටල් සංකීර්ණයක් හදන්න යනවා කියලා අපි මාධ්‍ය මගින් දැක්කා. පැහැදිලිව කියන්න ඕනේ මුතුරාජවෙල අභයභූමිය තුළ කිසිවකුට කිසිදු සංවර්ධන කාර්යයක් සිදු කරන්න දෙන්නේ නැහැ. ලෝකයේම එක් අභයභූමියක් ලෙස මුතුරාජවෙල හඳුනාගෙන තියෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයේ පහත් ප්‍රදේශ වල ජලය බැස යන්නේ මෙම ප්‍රදේශයට. මෙම ප්‍රදේශය තවත් විදියකින් මීගමුව කලපුවට සම්බන්ධ වන ප්‍රදේශයක්. ඒ නිසා එම ප්‍රදේශයේ සංවර්ධන කාර්යයකට අවසර දෙන්නෙ නැහැ. කාදිනල් හිමිපාණන්ද ඒ පිළිබඳව අදහස් ප්‍රකාශය කර තිබෙනවා අපි දැක්කා. කාදිනල් හිමිපාණන්ගේ මතයට එකඟ වෙනවා වගේම අපිත් ඒ මතය දරමින්, ඒ ප්‍රදේශයේ තුළ කිසිම සංවර්ධනයක් කරන්න එපා කියල තමයි අපි කියන්නේ.

අනවසරයෙන් පුරවපුවා හාරන්න අපි මේ වන විට ක්‍රියාත්මක වෙලා තියෙනවා. අනවසරයෙන් පුරවන ස්ථාන ඇත්නම් අපට දැනුම් දෙන ලෙස පහත්බිම් සංවර්ධන මණ්ඩලය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව, වනජීවී හා වන සම්පත් දෙපාර්තමේන්තුව යන ආයතනවලට අපි දැනුම් දීල තියෙනවා. ඒ සියල්ල අපේ යන්ත්‍ර සූත්‍ර මගින් හාරලා නැවත තිබුණ තත්ත්වයට පත් කරනවා.“ යැයි කීය.

No comments

Ads Place