Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උදයංග යුක්‍රේන සංචාරකයන් ගෙනත් සෞඛ්‍ය නීති නැමුව හැටි

  මේ අතර, අවම වශයෙන් දින හතක නවාතැන් ගැනීම සඳහා මෙම සංචාරකයින් වෙනුවෙන් සූදානම් කර ඇති හෝටල් වල මිල ගණන් සැලකිය යුතු ලෙස අඩුකිරීමට බලපෑම් සි...

 


මේ අතර, අවම වශයෙන් දින හතක නවාතැන් ගැනීම සඳහා මෙම සංචාරකයින් වෙනුවෙන් සූදානම් කර ඇති හෝටල් වල මිල ගණන් සැලකිය යුතු ලෙස අඩුකිරීමට බලපෑම් සිදුකර ඇතැයි ද පැවසේ. ෆුල් බෝඩ් පදනමෙන් සාමාන්‍ය කාමරයක (standard room) රාත්‍රියක් සඳහා ඇමරිකානු ඩොලර් 250 ක් (යුරෝ 206 ක්) අයකරන එක් හෝටලයක් මෙම යුක්‍රේනු ජාතිකයන් හට එවැනි කාමරයක් ලබාදී ඇත්තේ ඇමරිකානු ඩොලර් 100 කට (යුරෝ 83 ක් පමණ) ය. තවත් තරු 4ක හෝටලක් විසින් දිනකට දිනකට යුරෝ 88.77 ක් (ඇමරිකානු ඩොලර් 107) ක් පමණ වැයවන සේ දින 09 ක් සඳහා යූරෝ 799 ක (ඇමරිකානු ඩොලර් 970 ක් පමණ) පැකේජයක් ලබා දී තිබුණි. තවත් හෝටලක් දිනකට යුරෝ 110 ක් සඳහා කාමරයක් (ඇමරිකානු ඩොලර් 133) ලබාදී තිබුණි.


නියමු ව්‍යාපෘතියක් ලෙස හැඳින්වූ මෙම සංචාරක ව්‍යාපෘතිය වෙනුවෙන් මුල සිටම නීතිරීති නවා තිබුණි. මෙරටට පැමිණෙන්නන් හට අනිවාර්ය දින 14ක නිරෝධායන කාලය, දින 7කට අඩුකර තිබුණු සෞඛ්‍ය අමාත්‍යංශය, ‘ජෛව ආරක්‍ෂිත බුබුලක්’ තුළදී පළමු PCR පරීක්ෂණය ඍණාත්මක වුවහොත් හඳුනාගත් සංචාරක ස්ථාන නැරඹීමට මෙම සංචාරකයන්ට හැකි බවට එකඟ වී තිබුණි.


කෙසේවෙතත්, සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්නේනම් හා කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධ නොවන්නේ නම් යන කොන්දේසි මත නිරෝධාන කාලය තුළදී ඔවුන්ගේ පළමු PCR පරීක්ෂණ ප්‍රථිඵලය ලැබීමට පෙර සිටම, මෙම සංචාරකයන්ට මුහුදු වෙරළ (ආරක්ෂක විධිවිධාන හමුවේ ප්‍රවේශය පාලනය වූ තත්ත්වයන් යටතේ) හා පොදු ස්ථාන භාවිතා කිරීමට අවසර ලබා දී තිබුණි.



srilankamirror


No comments

Ads Place