Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

මාව සිර දඩුවමෙන් නිදහස් කලේ මල්වතු මහ නාහිමියන් හා ඩයනා ගමගේ.. මට ජංගි අදන්න කාටවත් බෑ..- ඌවතැන්නේ සුමන හිමි..

  තමන්ව සිර දඬුවමින් නිදහස් කර වීම සඳහා මල්වතු මහනාහිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය මැදිහත් වූ බව ජනාධිපති සමාව හේතුවෙන් ජ...

 


තමන්ව සිර දඬුවමින් නිදහස් කර වීම සඳහා මල්වතු මහනාහිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය මැදිහත් වූ බව ජනාධිපති සමාව හේතුවෙන් ජීවිතාන්ත සිර දඬුවමෙන් නිදහස ලබා සිටින පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියෝ සඳහන් කරති.

තමන් හසු කර තිබුණේ කුමන්ත්‍රනයට බවත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට අවි ආයුධ ගෙන ඇවිත් කුමන්ත්‍රණය කලේ යයි එල්ල වූ චෝදනා අසත්‍ය බවත් එහිමියන් සඳහන් කළහ.

වංචාකාරයෙක්, මැරයෙක්, හොරොක් යයි තමනට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් තමන් කිසිදු විටක බලහත්කාරයෙන් කිසිවෙකු රවටා මුදල් අරගෙන නැති බව උන්වහන්සේ කියා සිටිති.

අන්තර්ජාල සාකච්චාවකට එක්වෙමින් එහිමියෝ මෙම අදහස් පල ඇත.

බන්ධනාගාර ගතව සිටි කාලය තුළදී තමන් ජම්පරය කිසිවිටකත් ඇන්දේ නැති බවත් දිගටම භික්ෂුත්වය දරාගෙන සිටි බවත් තමනට ජංගි අන්දන්න කිසි කෙනෙකුට නොහැකි බවත් උන්වහන්සේ එහිදී තවදුරටත් කියා සිටියහ.


lankacnews

No comments

Ads Place