Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුදාධිකරණයට ගෙනයන්නයි උතුරේ පක්ෂ ඉල්ලති

  ශී‍්‍ර ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමටත් ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව ජාත්‍යන...

 


ශී‍්‍ර ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් පිළිබඳ ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීමටත් ඒ සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර යුද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් අවශ්‍ය බලපෑම් සිදු කරන්නැයි ඉල්ලමින් දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ හා සිවිල් සමාජ සංවිධාන සකස් කළ යෝජනාවලියක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් වෙත යවා තිබේ.


එම යෝජනාවලිය සඳහා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, දෙමළ ජාතික මහජන කොංග‍්‍රසයේ නායක ගජේනද්‍රකුමාර් පොන්නම්බලම්, තමිල් මක්කල් තේසීය කුට්ටනි නායක සී. වී. විග්නේෂ්වරන් යන මහත්වරු හා සිවිල් සංවිධාන වල නියෝජීතයින් අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇත.


මේ පිළිබදව  මාධ්‍ය වෙත නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කර තිබෙන්නේ එම යෝජනාවලියේ පිටපත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සාමාජික රටවල් තනාපතිවරුන් වෙතද යවා ඇති බවයි.


එළැඹෙන මාර්තු මාසයේදි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරය ආරම්භවීමට නියමිත අතර එහිදි ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමට නියමිත බව කියන නව යෝජනාව සකස් කිරීමේදි තමන් විසින් ඉදිරිපත් කර ඇති යෝජනාද සැලකිල්ලට ගන්නා ලෙස එමගින් ඉල්ලා ඇත.

noizetv

No comments

Ads Place