Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති වාසුදේවටත් කොරෝනා ආසාදනය වෙයි

  අමාත්‍ය වාසුදේව නානායක්කාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ගෙන් මේ සම්බන්ධය...

 


අමාත්‍ය වාසුදේව නානායක්කාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ගෙන් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඔහු තහවුරු කර සිටියේ මිට සුළු මොහොතකට ඒ සම්බන්ධයෙන් තහවුරු වූ බවයි.


නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම ඉකුත් 05 වනදා ආරම්භ වුණා. අමාත්‍ය වාසුදේව නානායක්කාර, 05, 06 සහ 07 යන තෙදින තුළම පාර්ලිමේන්තුවට පැමිණ ඇති බවයි නෙත් නිවුස් කළ සොයා බැලීමකදී තහවුරු වුණේ.  


මේ වන විට වාසුදේව නානායක්කාර ඇමතිවරයා ද ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් තිදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව‍ට තහවුරු වී තිබෙනවා. රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, මන්ත්‍රී රාවුෆ් හකීම් යන අයට සහ අගමැතිවරයාගේ සම්බන්ධිකරණ ලේකම්වරයෙකු වන කුමාරසිරි හෙට්ටිගේ හට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

No comments

Ads Place