Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ගිනි අවිය බෝම්බය අත හැර වෙහෙරක් හදන හිටපු කොටි නායකයා… බුදු දහම වැළඳගත්තේ රුවන්වැලි මහ සෑය ඉදිරිපිටදී…

  මුලතිව් ප‍්‍රදේශයේ පදිංචි යෝගරාසා රත්තරන් බඩු නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකි. එකල යුද්ධය දරුණුවට පැවතියද යොගරාසාට මුදල් ...

 


මුලතිව් ප‍්‍රදේශයේ පදිංචි යෝගරාසා රත්තරන් බඩු නිෂ්පාදනය කිරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකි. එකල යුද්ධය දරුණුවට පැවතියද යොගරාසාට මුදල් අතින් කිසිදු හිඟයක් නොතිබිණි. ඒ ඔහු කළ රත්තරන් ව්‍යාපාරය නිසාය. දරුවන් පස්දෙනකුගේ පියකු වන යෝගරාසා තම බිරිඳ සමග දැහැමි ජීවිතයක් ගත කළේය. හින්දු භක්තිකයන් වන ඔවුන් ආගම දහමට මුල් තැන දෙමින් ප‍්‍රදේශයේ අන් අයට ද හැකි අයුරින් උදව් උපකාර කළේය. එමනිසා යෝගරාසා පවුලට එම ප‍්‍රදේශයෙන් හොඳ පිළිගැනීමක් ද තිබුණි.

යෝගරාසාගේ එකම අරමුණ වූයේ තම දරුවන් පස් දෙනාට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. එම නිසා ඔහුගේ දරුවන් ප‍්‍රදේශයේ තිබුණු හොඳම පාසලට ඇතුළත් කළේය. ඒ මුලතිව් විද්‍යානන්ද මහා විද්‍යාලයටයි.

යෝගරාසා කිරුබාකරන් එම පවුලේ දෙවැනි දරුවාය. අන් අයට වඩා ආගමට දහමට දැඩි ලෙන්ගතුකමක් දැක්වූ ඔහු සමාජයේ පොදු වැඩ කටයුතුවල දී ද ඉදිරියෙන් සිටියේය. කිරුබාකරන්ලා පාසල් යන කාලය අතරතුර යුද්ධය දරුණුවටම පැවතුණි. ඒ හේතුව මත ඔහුට ඉගෙන ගැනීමට හැකිවූයේ දහය වසරට පමණි. ඒ සමගම ඔහු එල්ටීටීඊ සංවිධානයත් සමග සිටියේ දැඩි කෝපයකිනි. ඒ තම නැගණිය ද කුරිරු යුද්ධය නිසා මිය යෑම හේතුවෙනි.

තත්වය එසේ තිබියදී එල්ටීටීඊ සංවිධානය අණ කර තිබුණේ සෑම පවුලකින්ම එක් අයෙක් එම සංවිධානයට බැඳෙන ලෙසයි. එසේ නොකරන අය බලහත්කාරයෙන් රැගෙන යෑමටත් නැතිනම් මරා දැමීමටත් එල්ටීටීඊ සංවිධානය කටයුතු කළහ.

යෝගරාසා පවුලට ද එම අණට කීකරු වීමට සිදු වූහ. ඒ අනුව එම පවුලෙන් එල්ටීටීඊ සංවිධානයට බැඳුණේ කිරුබාකරන්ය. ඔහු නිවසින් පිට වී එල්ටීටීඊ සංවිධානයට බැඳුණු දවසේ ගෙදර එකම මළගෙයක් විය. එම වැඩිහිටියෝ සති ගණන් නොකා නොබී කිරුබාකරන් ගැන කල්පනා කළහ. ඒ එක්කම ඔවුහු එල්ටීටීඊ සංවිධානයට සාප කළහ. එල්ටීටීඊ සංවිධානයෙන් බලහත්කාරයෙන් රැගෙන ගිය කිරුබාකරන්ට මාස තුනක ගරිල්ලා සටන් පුහුණුවක් ලබා දුන්නේය. ඒ 2006 වර්ෂයේදීය. එවිට ඔහුගේ වයස අවුරුදු 23 කි. කොටි සංවිධානයේ කිරුබාකරන්ගේ ලියාපදිංචි අංකය 563 වූ අතර ”කාර්මුගිලන්” යන නමින් ඔහුව හැඳින් වූයේය.

මාස තුනේ ගරිල්ලා පුහුණුවෙන් පසු ඔහුව එකල එම සංවිධානයේ ප‍්‍රධාන පෙළේ නායකයකු වූ කර්නල් තීපන්ගේ සන්නද්ධ බලකායට අනියුක්ත කළේය. ඔහු යටතේ සිටි කිරුබාකරන් වසර දෙකක් පමණ ගත වෙද්දී කපිතාන් තනතුර දක්වා උසස් විය.

වන්නි මානුෂිය මෙහෙයුම පැවති සමයේ යාපනය මුහමාලේ ඔහු ශ‍්‍රී ලංකා යුද හමුදාව සමග සටන් වැදුණි. ඉදිරි ආරක්ෂක වළල්ලේ පැවතී එම සටනේදී ඔහුගේ පාදයකට වෙඩි වැදී බරපතළ තුවාල ලැබුවේය.

වෙඩි වැදී තුවාල ලැබූ පාදය බේරාගැනීමට එල්ටීටීඊ සංවිධානයේ වෛද්‍යවරුන්ට නොහැකි වූහ. එම නිසා ඔහුගේ එම පාදය දණහිසට පහළින් කපා දැමුවේය.

මාස හතරක් පමණ ඔහු වෛද්‍ය ප‍්‍රතිකාර ලැබුවේය. ඉන් පසු සුවය ලැබූ ඔහුව ඉදිරිපෙළ සටන් කරන එල්ටීටීඊ ත‍්‍රස්තවාදීන්ට කෑම බීම සැපයීම සඳහා යෙදෙව්වේය. ඒ 2009 වර්ෂයේ අපේ‍්‍රල් මාසයයි. වෙල්ලිමුල්ලිවයික්කාල් ප‍්‍රදේශයේ අවසන් සටන් පැවති වකවානුවයි. එම ප‍්‍රදේශයේ දරුණුවටම යුද ගැටුම් පැවතුණි. ඒ සමගම එම ප‍්‍රදේශයේ සිටි කිරුබාකරන් ඇතුළු එල්ටීටීඊ සංවිධානයේ පිරිසක් තීරණයක් ගෙන තිබුණහ. ඒ කෙලෙස හෝ එල්ටීටීඊ සංවිධානයෙන් පැන ශ‍්‍රී ලංකා යුද හමුදාවට භාර වීමටයි.

දිනය අපේ‍්‍රල් 05 වැනිදාය. කිරුබාකරන් ඇතුළු ත‍්‍රස්තවාදීන් පිරිසක් එල්ටීටීඊයට හොර රහසේ දෙමළ සිවිල් වැසියන් සමග එකතුවී ශ‍්‍රී ලංකා යුද හමුදාවට භාර වූහ. ඒ තවදුරටත් ජීවත්වීම සඳහා තිබුණු ආශාව නිසාය. එලෙස ශ‍්‍රී ලංකා යුද හමුදාවට භාර වීමට පැමිණි කිරුබාකරන් ඇතුළු ත‍්‍රස්තවාදීන් පිරිස එල්ටීටීඊයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ අය වුවත් හමුදා සාමාජිකයෝ ඔහුන්ට කිසිදු කරදරයක් නොකළහ. පසුව ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා යෙදෙව්වේය.

පුනරුත්ථාපනය වීමේ දී කිරුබාකරන් සම්පූර්ණ වෙනස් චරිතයක් බවට පත්විය. එල්ටීටීඊ සංවිධානය විසින් සිංහලයන් හඳුන්වා තිබුණේ මිනීමරු ජාතියක් හැටියටයි. එහෙත් පුනරුත්ථාපනය වන කාල සීමාවේදී සිංහලයන් කොතරම් හොඳ ජාතියක් දැයි ඔහු හොඳින් දැන ගත්තේය. එහිදී ඔහු දෙමළ ජාතියට වඩා සිංහල ජාතිය හොඳ යැයි පැවසුවේය. එම කාලසීමාවේදී සිංහල භාෂාව ද ඔහු ඉගෙන ගත්තේය.

පුනරුත්ථාපනය වී නැවත ගමට පැමිණි පසු කිරුබාකරන්ට මුදල් වලින් අඩුපාඩුවක් නොතිබුණි. ඒ ඔහුගේ පියා ව්‍යාපාරිකයකු වූ නිසාය. එහෙත් එම ව්‍යාපාරවලට ඔව් අත ගැසුවේ නැත. ඒ අනුව ඔහු තමන්ගේම කියා ව්‍යාපාරයක් පටන් ගත්තේය. ඒ කොන්ත‍්‍රාත්කරුවකු වශයෙන්ය. කලක් යද්දී ඔහු එම ව්‍යාපාරයෙන් ධනවතෙකු බවට පත්විය.

ව්‍යාපාර කටයුතු කරන අතර ඔහු බුදුදහම ගැන හැදෑරීමට පටන් ගත්තේය. ඒ පුනරුත්ථාපනය කරන අවධියේ බුදුදහම ගැන දැනගත් කරුණු කිහිපයක් නිසාය. පළමුව ඔහු දෙමළ භාෂාවෙන් බුද්ධ ධර්මය ගැන ලියැවුණු පොත් පත් කියෙව්වේය. එමගින් ඔහු බුදුදහම ගැන යම්තාක් දුරට ඉගෙන ගත්තේය. ඒ සමගම ඔහු නයාරු ගුරුකන්ද පන්සලේ මේධාලංකාර කිත්ති හිමියන්ගේ ඇසුරට වැටුණි.

එම ඇසුර නිසා බුද්ධාගම ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමට සහ දැනගැනීමට ඔහුට හැකිවිය. ඒ සමගම ඔහු එක් දිනක් රුවන්වැලි මහා සෑය වැඳීමට ගියේය. එහිදී ඔහු බුදුදහම වැලඳ ගත යුතු යැයි තීරණය කළේය. ඉන්පසු ඔහු දැඩි බෞද්ධාගමිකයකු විය.

ඔය කාලය අතරතුර මේධාලංකාර කිත්ති හිමි අපවත් වූහ. උන්වහන්සේගේ දේහය පන්සලට ගෙන ඒම වළක්වමින් දෙමළ අන්තවාදීන් පිරිසක් උද්ඝෝෂණයක ද නිරත වූහ. කිරුබාකරන් ඒ පිළිබඳව දැඩිසේ ශෝක විය. ඒ සමගම එම හිමියන්ට කරන ගෞරවයක් වශයෙන් තම පෞද්ගලික ධනය වැය කරමින් රුපියල් ලක්ෂ හයාමාරක බුදුපිළිමයක් එම පන්සලේ සෑදුවේය. එතැනින් නොනැවතුණු ඔහු එම පන්සලට ජල පහසුකම් ද ලබා දුන්නේය.

එතැන් සිට ඔහු දිගින් දිගටම එම ප‍්‍රදේශයේ බෞද්ධ ආගමික කටයුතුවලට දායක විය. පුළුවන් සෑම මොහොතකම බෞද්ධ සිද්ධස්ථාන වන්දනාමාන කළේය.

වැලිඔය ශ‍්‍රී දේවගිරි රජ මහා විහාරස්ථානය සමඟ ද ඔහු සමීපව සබඳකම් පැවැත්වූයේය. එහිදී එම පන්සලට චෛත්‍යයක් නොමැති වීම ලොකු අඩුවක් බව ඔහු දැන ගත්තේය. ඉන්පසු ඔහු තීරණයක් ගත්තේය. ඒ තමන්ගේ පෞද්ගලික වියදමින් එම විහාරස්ථානය තුළ චෛත්‍යයක් ඉදි කිරීමටයි.

පන්සලේ නායක හාමුදුරුවන්ට ඒ බව දැන් වූ ඔහු එහි චෛත්‍යයක් ඉදි කිරීමට පටන් ගත්තේය. ඒ සඳහා රුපියල් ලක්ෂ 40 ක පමණ මුදලක් වැයවන බව ගණන් බලා තිබුණි. එම මුදල් වැය කර හැකි ඉක්මනින් චෛත්‍යයේ ඉදිරි වැඩ කටයුතු අවසන් කිරීමට ඔහු කටයුතු කරයි.

තම ව්‍යාපාර කටයුතුවලින් ලැබෙන ලාභයෙන් කොටසක් ඔහු වෙන් කරන්නේ මෙවැනි පින්දහම් කටයුතු සඳහාය. 2019 වසරේ රුවන්මැලි මහා සෑය පිහිටි ස්ථානය වටේ රුපියල් ලක්ෂ තුනහමාරක් වියදම් කර පිඩලි ඇල්ලීමට ද ඔහු කටයුතු කළේය. පසුගිය වසරේ ඔහුගේ උපන් දිනය සැමරුවේ අටපිරිකර 150ක් රුවන්වැලි මහා සෑයට පූජා කරමින්ය. එයට අමතරව කොතරම් කාර්ය බහුල වුවත් සෑම පෝයකටම රුවන්වැලි මහා සෑය වැඳීමට ඔහු අමතක නොකළේය.

හිටපු එල්ටීටීඊ නායක කිරුබාකරන් අපට හඳුන්වා දුන් සිංහලයේ සංවිධානයේ මහලේකම් මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ මෙලෙසින්ය.

”බිහිසුණු ත‍්‍රස්තවාදයේ නිමාවෙන් පසු දසකයක් පුරාවට උතුරු නැගෙනහිර අහිමි වූ සිංහල බෞද්ධ උරුමය යළි ස්ථාපිත කිරීම වෙනුවෙන් දිවිහිමියෙන් කටයුතු කළ අපි උතුරට විතරක් සිය වතාවකට කිට්ටුව යන්න එන්න ඇති.”

”අපි යාපනයේ එකම සිංහල ගම්මානය ඉදිකළා පමණක් නොව, විනාශ වූ බෞද්ධ උරුමයන් යළි ස්ථාපිත කරන ගමන් දෙමළ ජනතාව දිනාගැනීම වෙනුවෙන් ප‍්‍රයත්නයක් දැරුවේ අවංකව. දෙමළ දේශපාලකයෝ වගේම දකුණේ අවස්ථාවාදී දේශපාලකයෝ නොහිටියා නම් අපි මේ වන විටත් සැබෑ සංහිඳියාවක් හදලා. අපිට කවුරුත් ඒ වෙනුවෙන් උදව් කළේ නැහ. විශේෂයෙන් කිසි ආණ්ඩුවක්. අපිව ජාතිවාදි ලේබලය ගහලා පැත්තකට දැම්මා. අපිට යුද්ධයෙන් පස්සේ ගොඩාක් අත්දැකීම් තියෙනවා.”

”යාපනයේ ගම හදන කාලේ අපිට අත් උදව්වට ආපු දෙමළ තරුණයා දවසක් අපි වැඩ ඉවර කරලා කොළඹ එන්න හදනකොට තල් ගෙඩි කඩන්න ගියා අපිට කොළඹ අරන් එන්න. ඔහු තුවාල පිටින් අපි ළඟට ආවේ අඬාගෙන. ඒ වන විට යුද්ධය නිමා වෙලා අවුරුදු තුනක්වත් ගිහින් තිබ්බේ නැහැ. එදා ඔහු අඬාගෙන ආවේ තුවාල නිසා නොවේ. අපිට තල් කැඩුවට පස්සේ ගහෙන් වැටුණා නම් දුක නැහැ කියලා. ඒ කියන්නේ අපිට තල් ගෙඩි දී ගන්න බැරි දුකෙන්. ඒ කියන්නේ ඒ අවංක අහිංසක සංවේදී හිත් විනාශ කළේ කවුද? අපිට ඒ හිත් හදන්න පුළුවන්. අද දවසේ ඒ සඳහා ජීවමාන සාක්කිය තමා කිරුබාකරන්.”

”අපිට ගොඩක් සතුටුයි මෙවන් ජීවමාන සාක්කියක් සමාජය හමුවට ගේන්න ලැබුණට. අපි මොහු සමාජයට අනාවරණය කළේ අන් කිසිවක් නිසා නොව මේ රටේ ඕනෑම ජනවර්ගයකට සිංහල බෞද්ධ මහා වෘක්ෂය යට හෙවන තියෙන බව පසක් කරන්න. ඒ විතරක් නොවේ ප‍්‍රධාන ප‍්‍රවාහයට අනුගත වන පුද්ගලයාට මේ මහපොළවේ සැබෑ හිමිකම ලැබෙන බව පසක් කරන්න. ඒ විතරක් නොවේ ඕනෑම ජනවර්ගයකට ප‍්‍රධාන ප‍්‍රවහායට අනුගත වීමෙන් ජනවර්ගයෙන් මිදිලා ජාතිය කියන ගොඩට වැටෙන්න පුළුවන් කියන එක ඔප්පු කරන්න. ඒ වෑයම සාර්ථකයි කියලා මම හිතනවා.”

”අද බුදු දහමේ නිදහස හා සුවය විඳින මොහු අන්තවාදයට ත‍්‍රස්තවාදයට ප‍්‍රධාන ප‍්‍රවාහයේ ඉඩක් නැති බව ලෝකයට ඔප්පු කරමින් ඉන්නවා. ඔහු නුදුරේදී අප සමග ජිනීවා මානව කොමිසම ඉදිරියේ අවස්ථාවාදි, ත‍්‍රස්තවාදී දෙමළ ඩයස්පෝරාවට හා දේශීය ඊළාම්වාදි දෙමළ දේශපාලන නඩයට එරෙහිව මෙන්ම එල්ටීටීඊ යේ බිහිසුණුකම්, අමානුෂිකකම්, බලහත්කාරකම් ලෝකයට කියන්න සූදානම්.”

”ලංකා රජය අත්කරදුන් සාමයේ සැබෑ නිදහස භුක්තිවිඳින අයුරු කියන්න ඔහු සූදානම්. මම හිතනවා අපි සැබෑ සංහිඳියාවක් ගොඩ නගන්න මොහු පාලමක් කරගත යුතුයි කියලා. ව්‍යාජ සංහිඳියාවෙන් මිදිලා උතුර දකුණ යා කරන සැබෑ සංහිඳියාවක් නිර්මාණය කිරීම වෙනුවෙන් වගකිවයුත්තන්ගේ අවධානය මොහු සමාජයට අනාවරණය කිරීම තුළින් අපි අපේක්ෂා කරනවා.”

වසර ගණනක් එල්ටීටීඊ සංවිධානයේ කපිතාන්වරයකු ලෙස සේවය කර, ශ‍්‍රී ලංකා යුද හමුදාවට බාරවී පුනරුත්ථාපනය වෙමින් පසුව බුදුදහම වැළඳගෙන කිරුබාකරන් කරන ශාසනික මෙහෙය බෞද්ධයින් වන අපට ද ආදර්ශයකි.

lankaleadnews

No comments

Ads Place