Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි

  කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලූ කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය වාර්තා කරමින් නව වාර්තාවක් තබා ඇතැයි කොළඹ කොටස් හුවමාරුව පවසයි. මේ ...

 


කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ සියලූ කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය වාර්තා කරමින් නව වාර්තාවක් තබා ඇතැයි කොළඹ කොටස් හුවමාරුව පවසයි.


මේ අනුව සියලූ කොටස් මිල දර්ශකය වාර්තා කළ ඉහළම අගය ඉකුත් 18 වැනිදා ගනුදෙනු අවසානයේදී සටහන් වූ බව ද කොළඹ කොටස් හුවමාරුව කියයි.


ඒකක 7,922.66 ලෙස දැක්වූ කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත මිල දර්ශක අගය 2011 පෙබරවාරි 14 වැනිදා වාර්තා කළ ඒකක 7,811.80 වාර්තාව අභිබවා ගිය බවද එම හුවමාරුව කියයි.


කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත විශාලතම හා වඩාත්ම ද්‍රවශිලී කොටස් ඇතුළත් වන එස් ඇන්ඞ් පී ශ‍්‍රී ලංකා 20 දර්ශකය සමස්ත අගය 3000 ඉක්මවා 3,003.30ක් ලෙස 2021 ජනවාරි 18 වැනිදා සටහන් විය.


2021 වසරෙහි ඇරැඹුමෙන් පසුව සියලූ කොටස් මිල දර්ශකය ලොව වැඩිම වර්ධනයක් දක්වා ඇති දර්ශක අතර නිරන්තරයෙන්ම වාර්තා වී ඇත. ඊයේ වන විට මේ වසරේ දී සියයට 16.95 වර්ධනයක් දක්වමින් ලොව වැඩිම වර්ධනයක් දක්වන මිල දර්ශකය ලෙස බ්ලූම්බර්ග් ආයතනයෙහි දත්ත සඳහන් කරන බවද කොළඹ කොටස් හුවමාරුව තවදුරටත් පවසයි

noizetv

No comments

Ads Place