Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

බූස්ස සතොස තොග ගබඩා සංකීර්ණයේ කළමනාකරුගේ වැඩ තහනම්

 තේ කොළ පැකට් විශාල තොගයක් රෙදි සෝදන සබන් සමග එකට ගබඩා කර තිබූ බූස්ස, සතොස තොග ගබඩා සංකීර්ණයේ කළමනාකරුගේ වැඩ තහනම් කර තිබෙනවා. වෙළඳ අමාත්‍යං...


 තේ කොළ පැකට් විශාල තොගයක් රෙදි සෝදන සබන් සමග එකට ගබඩා කර තිබූ බූස්ස, සතොස තොග ගබඩා සංකීර්ණයේ කළමනාකරුගේ වැඩ තහනම් කර තිබෙනවා. වෙළඳ අමාත්‍යංශය පැවසුවේ මෙම තේ තොග, ලබාදී තිබුණේ වෙළඳපලේ පවතින මිලට වඩා රුපියල් 30 ක් අඩුවෙන් ග‍්‍රෑම් 100 ක තේ පැකැට්ටුවක් අලෙවි කිරීම සඳහා බවයි.


එහෙත්, ඒවා බෙදා නොහැර මෙලෙස ගබඩා කර තිබී ඇති බවයි මූලික විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ. මෙම ගබඩා සංකීර්ණය ඊයේ පස්වරුවේ වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ හදිසි නිරීක්ෂණයට ද ලක්වුණා. 


මෙම සිද්ධීයට සම්බන්ධ සියලූ පාර්ශවයන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර නීතිය දැඩිව කි‍්‍රයාත්මක කිරීමටයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

No comments

Ads Place