Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අල්ලන කුඩු ප්‍රසිද්ධියේම විනාශ කිරීමට නීති හදන්න යයි

  අත්අඩංගුවට ගන්නා මත්කුඩු සාම්පලයක් පමණක් නඩු කටයුතු සඳහා රස පරික්ෂකවරයා වෙත යවා ඉතිරි තොගය ප්‍රසිද්ධියේ විනාශ කිරීමට හැකිවන ලෙස නීති සම්පා...

 


අත්අඩංගුවට ගන්නා මත්කුඩු සාම්පලයක් පමණක් නඩු කටයුතු සඳහා රස පරික්ෂකවරයා වෙත යවා ඉතිරි තොගය ප්‍රසිද්ධියේ විනාශ කිරීමට හැකිවන ලෙස නීති සම්පාදනය කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසයි.

          

පාර්ලිමේන්තුවේ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී චමින්ද විජේසිරි අසන ලද ප්‍රශ්නයකට උත්තර දෙමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

අත්අඩංගුවට ගන්නා හෙරොයින් අධිකරණ ක්‍රියාවලිය අවසන් වන විට පිටි බවට පත් කෙරෙන බවට එල්ලවන චෝදනා සලකා බලා ඉන් කොටසක් මෙසේ විනාශ කිරීමට තීරණය කළ බව සඳහන් කරයි.


2020 වසරේ පමණක් දෙසැම්බර් 15 දක්වා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත මත්කුඩු කිලෝ ග්‍රෑම් 2740ක් ඉදිරිපත් කර ඇතැයි කී ඇමැතිවරයා 2019 දී මත්කුඩු කිලෝ 1841ක් රස පරික්ෂකවරයාට යවා ඇතැයි ද කීය.

sri lanka mirror

No comments

Ads Place