වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් අසභ්‍ය වචනවලින් බැනවැදුනු පුද්ගලයන් තිදෙනෙකු පොල...
වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් අසභ්‍ය වචනවලින් බැනවැදුනු පුද්ගලයන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැල්ලවාය, යාලබෝව ප‍්‍රදේශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමග එම පුද්ගලයන්ගේ ආශ‍්‍රිතයින් සොයා බැලීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසකටයි එලෙස බාධා එල්ල වී ඇත්තේ.
වැල්ලවාය බස් නැවතුම්පොළේ වෙළෙඳසැළක අදාළ ආශ‍්‍රිතයින් සිටීම නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම ස්ථානයට ගොස් තිබෙනවා. එහිදී එම ස්ථානයේ අදාළ සැකකරුවන් තිදෙනා මුහුණු ආවරණ ද නොමැතිව සිට ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. පසුව ඔවුන්ට මුහුණු ආවරණ පළදින ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දැනුම් දී ඇති අතර එහිදී එම පුද්ගලයින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත අසභ්‍ය වචනයෙන් බැන වැදී තර්ජනය කර තිබෙනවා.
මේ සිද්ධිය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වැල්ලවාය පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අද වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
No comments