Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් වැව් හතරක් ප්‍රතිසංස්කරණය කෙරේ

  ශී‍්‍ර ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් වාරි සෞභාග්‍යා ග‍්‍රාමීය වැව් ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ දඹාන බණ්ඩාරවෙල, වැලිමඩ සහ මොණ...

 


ශී‍්‍ර ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් වාරි සෞභාග්‍යා ග‍්‍රාමීය වැව් ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ දඹාන බණ්ඩාරවෙල, වැලිමඩ සහ මොණරාගල යන ප‍්‍රදේශවල පිහිටි වැව් 04ක් ප‍්‍රතිසංස්කරණය කර තිබෙනවා. 


දඹාන ආදිවාසි ගම්මානය ආසන්නයේ පිහිටි කැකලාන වැව, වැලිමඩ දඹවින්න ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දික්කාපිටිය ප‍්‍රදේශයේ පිහිටි එලමල් ලන්ද වැව මෙලෙස ප‍්‍රතිසංස්කරණය කෙරුණු වැව් කිහිපයක්. බණ්ඩාරවෙල පහල වැව හෙවත් මකුළු ඇල්ල වැව, මොණරාගල දිස්ති‍්‍රක්කයේ බුත්තල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ යුදගනාව රජමහා විහාරය ආසන්නයේ පිහිටි හරිගල්පොත්ත වැවද වාරී සෞභාග්‍යා ග‍්‍රාමීය වැව් ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය යටතේ ප‍්‍රතිසංස්කරණය කෙරුණා. 


ප‍්‍රතිසංස්කරණය කෙරෙණු මෙම වැව්වල ප‍්‍රගතිය සොයා බැලීම සඳහා ශී‍්‍ර ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති මේජර් ජෙනරාල් එම් ආර් ඩබ්ලිව් ද සොයිසා ඇතුලූ එහි නිලධාරීන් කණ්ඩායමක් ඉකුත්දා එම ප‍්‍රදේශවල නිරීක්ෂණ චාරිකාවක ද නිරත වී තිබෙනවා. 

No comments

Ads Place