Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බි‍්‍රතාන්‍ය යළි ලොක් ඩවුන්ද? තීරණය අද

 කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින එංගලන්තය සම්පූර්ණයෙන් වසා දමන්නේද? නැද්ද යන්න අද ප‍්‍රකාශයට ප...


 කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින එංගලන්තය සම්පූර්ණයෙන් වසා දමන්නේද? නැද්ද යන්න අද ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ පවතින තත්ත්වය පිළිබඳ සමාලෝචනය කිරීමෙන් අනතුරුව බි‍්‍රතාන්‍ය අග‍්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් විසින් එම තීරණය ප‍්‍රකාශයට පත් කරනු ඇති බවයි.


කොරෝනා නව ප‍්‍රභේදයේ සීග‍්‍ර ව්‍යාප්තිය හේතුවෙන් එංගලන්තය මේවනවිටත් දැඩි අවදානම් තත්ත්වයක පවතිනවා. එංගලන්තයෙන් හතරෙන් තුනක්ම, මේවනවිටත් පවතින්නේ කොරෝනා දැඩි රෙගුලාසිවලට යටත්වයි. ඒ අනුව අදාළ ප‍්‍රදේශවල සුපිරි වෙළඳසැල් පමණක් විවෘත කර ඇති අතර, සියලූ වැසියන් නිවෙස් තුළට වී සිටිය යුතුයි. කෙසේවෙතත්, පවතින තත්ත්වය හමුවේ රට වසා දැමිය යුතු බවටයි විපක්ෂයෙන්, අග‍්‍රාමාත්‍යවරයා හට බලපෑම් එල්ල වන්නේ. ඒ හමුවේ පවතින කොරෝනා රෙගුලාසි තවදුරටත් දැඩි කරන්නේද යන්න සම්බන්ධයෙන් අද තීරණය කෙරෙනු ඇති. 


කොරෝනා ව්‍යාප්තිය හමුවේ වසා දැමුණු එංගලන්තයේ පාසැල් ද විවෘත කිරීමට නියමිතව ඇති බැවින් එම පාසැල් තවදුරටත් වසා තබන්නේද යන්න සම්බන්ධයෙන් ද අග‍්‍රාමාත්‍යවරයා තීරණයකට එළඹෙනු ඇති. 

කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන් එංගලන්තයේ, ලන්ඩන් අගනුවර සියලූ රෝහල් මේවනවිටත් ධාරිතාව ඉක්මවා රෝගීන්ගෙන් පිරී පවතිනවා

No comments

Ads Place