Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යොවුන් කි‍්‍රකට් ක‍්‍රීඩකයෙකු ගැන පැතිර යන පුවත් ගැන ශී‍්‍ර ලංකා පිළේ ප‍්‍රධාන පුහුණුකරු කතා කරයි

 මෑතකදී ටෙස්ට් වරම් හිමිකර ගත් ශී‍්‍ර ලංකා යොවුන් තුන් ඉරියව් කී‍්‍රඩකයෙකු සහ ශී‍්‍ර ලංකා පිලට මෑතකදී එක් කෙරුණු වෛද්‍යවරියකගේ විනය විරෝධී ක...


 මෑතකදී ටෙස්ට් වරම් හිමිකර ගත් ශී‍්‍ර ලංකා යොවුන් තුන් ඉරියව් කී‍්‍රඩකයෙකු සහ ශී‍්‍ර ලංකා පිලට මෑතකදී එක් කෙරුණු වෛද්‍යවරියකගේ විනය විරෝධී කි‍්‍රයාවක් පිළිබද මේ වන විට සමාජ මාධ්‍ය සහ බොහෝ දෙනෙකු අතර දැඩි කතාබහක් මතුව තිබෙනවා. ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයිින් රැඳී සිටින ගාල්ල ප‍්‍රදේශයේ හෝටලයක් තුළ මෙම විනය විරෝධි කි‍්‍රයාව සිදුව ඇති බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ. 


කතාබහට ලක්ව ඇති මෙම සිදුවීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට්විටර් සටහනක් තබමින් අදහස් පළ කර තිබුණා. ඔහු සිය ට්විටර් සටහනින් සදහන් කර ඇත්තේ මෙවැනි කසල පුවතක් වාර්තා කිරීම පිළිබද ලැජ්ජා වන බවයි. කී‍්‍රඩකයින් ඇතුළු කාර්ය මණ්ඩලය සිටින ආරක්ෂිත බුබුලක් තුළ මෙවැනි කි‍්‍රයාවක් සිදුවිය හැකිද? යන්න මිකී ආතර් සිය ට්විටර් සටහනින් දක්වා තිබෙනවා. මෙය නින්දිත වාර්තාකරණයක් ලෙසයි ඔහු හදුන්වා ඇත්තේ.


මේ අතර,  ශී‍්‍ර ලංකා සුපිරි වේග පන්දු යවන කී‍්‍රඩක ලසිත් මාලිංග ලීග් කි‍්‍රකට් පිටියෙන් සමුගැනීමට තීීරණය කර තිබෙනවා. මාලිංග සිය කණ්ඩායම වෙත ඒ පිළිබදව දැනුවත් කර ඇති බවයි මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නිවේදනය කළේ. මේ හේතුවෙන් ලසිත් මාලිංග මෙවර අයි පී එල් තරග වාරය සදහා කී‍්‍රඩා නොකිරීමට තීරණය කර ඇති බවයි එහි දැක්වුණේ.


මාලිංගගේ මෙම තීරණයත් සමග සිය සංචිතයෙන් නිදහස් කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කළමනාකාරීත්වය ඊයේ තීරණය කළා. එළැඹෙන අයි පී එල් තරගවාරය සදහ සිය සංචිතයේ රදවා ගන්නා සහ නිදහස් කරන ක‍්‍රීඩක ලැයිස්තුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ ප‍්‍රකාශයට කළ අතර ඒ අනුව මෙවර තරගාවරය සදහා මුම්මායි ඉන්දියන්ස්් කණ්ඩායම සිය සංචිතයේ ලසිත් මාලිංග ඇතුළු කී‍්‍රඩකයින් 7 දෙනෙකු නිදහස් කර තිබෙනවා.

nethnews

No comments

Ads Place