Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා ආසාදිතයෙක් අතුරුදහන්… පොලිසිය ලුහුබදී..

  වව්නියාව නගරයේ බසාර් වීදියේ වෙළෙඳසැල්හි සිටි කොරෝණා ආසාදිත 55 දෙනාගෙන් එක් අයෙකු මේ වන විට අතුරුදහන් වී ඇති බවටත් අදාල ආසාදිතයා සොයා පරික්...

 


වව්නියාව නගරයේ බසාර් වීදියේ වෙළෙඳසැල්හි සිටි කොරෝණා ආසාදිත 55 දෙනාගෙන් එක් අයෙකු මේ වන විට අතුරුදහන් වී ඇති බවටත් අදාල ආසාදිතයා සොයා පරික්ෂණයක් අරඹා ඇති බවට වව්නියවා සෞඛ්‍ය පරික්ෂක කාර් යාලය පවසයි.

මේ අතර වව්නියාව නගරයේ හුදකලා කරන ලද බසාර් වීදිය ඇතුලු අනෙක් මාර් ගයන්හි සිටින වෙළෙඳැසල් හිමියන් සහ සේවකයින් අද (09) දිනය පුරා පී.සී.ආර්. පරික්ෂණයන් වෙතට යොමු කිරීමට පියවර ගෙන ඇති බවටද වව්නියාව පොලීසිය පවසයි.

මේ වන විට වව්නියාව බසාර් වීදිය, ධර්මලිංගම් වීදිය, මාකට් වීදිය, මාලු සහ සතොස වටරවුම් පාර හුදකලා කොට ඇති අතර එම මාර්ගයන්හි ආරක්ෂාව තරකොට ඇත.

හුදකලා කරන ලද මාර්ගයන්හි පිහිටි වෙළඳසැල්හි කොරෝණා ආසාදිත හිමිකරුවන් ඇතුලු සේවකයින් 55 දෙනාගෙන් එක් අයෙකු සෞඛ්‍ය නිලධාරීන් වෙතට ලබා දී තිබූ තොරතුරු අසත්‍ය බැවින් අදාල ආසාදිතයා මේ වන විට සොයා ගැනීමට නොහැකි වී ඇති අතර එම ආසාදිතයා සොයා පුලුල් පරික්ෂණයක් පොලීසිය හා සෞඛ්‍ය නිලධාරීන් විසින් දියත් කොට ඇත.

No comments

Ads Place