Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉතාලි මිත්තණියකගෙන් ලාංකික ඔබට තිළිණයක්

  ආදරණීය බැඳීම්, ළෙන්ගතුකම් අතරේ ලාංකිකයන් බොහොමයක් ඉතාලිය තම වාස භූමිය කරගෙන හිඳීති. ඒ වගේම අපේ රටේ බහුතරයක් ඉතාලිය වෙත යන්නට පෙරුම් පුරති....

 


ආදරණීය බැඳීම්, ළෙන්ගතුකම් අතරේ ලාංකිකයන් බොහොමයක් ඉතාලිය තම වාස භූමිය කරගෙන හිඳීති. ඒ වගේම අපේ රටේ බහුතරයක් ඉතාලිය වෙත යන්නට පෙරුම් පුරති. මේ අතරේ ඉතාලියේ දිවි ගෙවන ලක් වනිතාවන් බොහොමයක් ද තරුණී සමඟින් සෙනෙහසින් බැඳී හිඳී

මේ දෙරටේ සුන්දර බැඳීම් අතර ඉතාලියේ මිලානෝ හි පදිංචි සූපවේදිනී ජනනී ගුරුසිංහ මෙහෙයවන 'රස ගුණ සමඟ සෙනෙහසින් අපි' සමූහයේ ඉෂාරා ගංගොඩවිල සොයුරිය ලාංකේය ඔබට ඉතාලි අත්තම්මා කෙනකු අතින් ඔබ වෙනුවෙන්ම සැකසූ කෑම වර්ග කිහිපයක් මෙලෙස ගෙන එනවා. මේ අත්තම්මා එලිසබෙත් සිල්වා. වයස අවුරුදු 93 ක්. ඈ බොහොම උනන්දුවෙන් මේ කෑම සකසන විදිය මෙලෙස ලබා දී ඇත්තේ තම දිවියේ සදානුස්මරණීය සිහිවටනයක් ලෙසිනි. ඇය ඉතාලියේ හිඳ ඇගේ රස කෑම වර්ග තරුණී හි පළ වෙනකම් බලා හිඳී. අපි සියල්ලන්ම එක්ව ඇයට නිදුක් නිරෝගී දිගු දිවියකට සුබ පතමින් මේ කෑම සකසා රස බලමු.


Gnochchi Alla Romana

අවශ්‍ය ද්‍රව්‍ය


රුලං ග්‍රෑම් 250 ක්

ෆ්‍රෙෂ් මිල්ක් ලීටර් 1 ක්

බිත්තර 1 ක්

ලුණු රස අනුව

චීස් කුඩු ග්‍රෑම් 200 ක්

බටර් ග්‍රෑම් 150 ක්


සාදාගන්නා ආකාරය

තරමක් ලොකු හට්ටියකට කිරි ලීටරයම දමා ළිප මත තබා එය රත්කරන්න.

උතුරන විට ළිපේ ගින්දර අඩුකර එයට රුලං එකතු කර ගනිමින් අනිත් අතින් හෑන්ඩ් බීටරයෙන් කලවම් කරන්න. ටික ටික රුලං එකතු කරන්න.

නොනවත්වා හෑන්ඩ් බීටරයෙන් කලවම් කරන්න. හොඳීන් මිශ්‍රණය ඝනකම් වූ පසු (අල තම්බා පොඩිකරගත් විට වගේ) ළිප නිවා විනාඩි තුනක් පමණ නිවෙන්නට හැර එයට බිත්තරය එකතු කර වේගයෙන් කලවම් කරන්න.

පසුව මේසය හෝ කටිං බෝඩ් එකක් මත එය අලුවා හදන ආකාරයට ඒ ඝනකමටම වගේ තුනී කරන්න.

පත්තේ (ඵනචබභතච එකේ) වතුර තවරමින් තුනී කරන්න. දෑන් පැයක් පමණ නිවෙන්නට හැර රවුම් කටර් එකකින් කාසියක තරමේ රවුම් කපා ගන්න.

බටර් තැවරූ බේකිං ට්‍රේ එක මත අතුරා ඒ මතට චීස් කුඩු එකතු කරන්න. තේ හැන්දකින් කුඩා බටර් රවුම් ගෙන තැනින් තැන දමන්න. පසුව සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයට ‍රත්කළ පෝරණුවට දමා පැයක් රන්වන් පාට වනතුරු බේක් කරන්න.


 Torta di Mandorle

 අවශ්‍ය ද්‍රව්‍ය

කේක් මිශ්‍රණය සඳහා

පාන් පිටි ග්‍රෑම් 250 ක්

සීනී ග්‍රෑම් 150 ක්

බටර් ග්‍රෑම් 150 ක්

බිත්තර 4 ක් (බිත්තර කහ

මද 4 ක්, සුදු මද 1½)

සාදාගන්නා ආකාරය

මේසයට හෝ පිරිසුදු ලෑල්ලක් මතට පිටි ටික දමා ඒ මැදින් පොඩ්ඩක් හාරා සීනි එකතුකර ඒ මතට කහ මද හතර ද බටර් ටික ද එකතුකර අතින් හොඳීන් මිශ්‍ර කරමින් අනාගන්න. මිශ්‍රණය හොඳීන් නීඩ් වනතුරු අනාගෙන එය සුළං නොවදින සේ පොලිතීන් කවරයකින් ඔතා පසෙකින් තබන්න.


කෑම සැකසීම හා උපදෙස් - ඉතාලියේ මිලානෝ හි Elisabetta Silva  මිලානෝහි පදිංචි ඉෂාරා ගංගොඩවිල ට ස්තූතිය

No comments

Ads Place