Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ක්‍රිකට් පුහුණු සංචිතයේ සිටි බිනුර සහ චාමිකට කොරෝනා ආසාදනය වෙයි

 ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් තරග සංචාරය සඳහා පුහුණුවීම් සිදුකරමින් සිටි ක්‍රීඩකයින් දෙදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය ...


 ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් තරග සංචාරය සඳහා පුහුණුවීම් සිදුකරමින් සිටි ක්‍රීඩකයින් දෙදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් දෙදෙනාට බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.


එළෙඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කණ්ඩායම් 03ක් යටතේ සිය පුහුණුවීම් සඳහා යොමු කර තිබුණා. ආසාදිත ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ සම්බන්ධකම් පැවැත්වූ වෙනත් ක්‍රිකට් ක්‍රීඩකයින් හඳුනා ගැනීම සඳහා සෞඛ්‍ය බලධාරීන් මේ වන විටත් අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇත.


මේ අතර වෛරසය ආසාදනය වූ ක්‍රීඩකයින් දෙදෙනා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත මාරු කොට යැවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

No comments

Ads Place