Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මර්දන එන්නතක් ලද විගස එන්නත්කරණ වැඩපිළිවෙල ඇරඹීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සැලසුම්

  කොරෝනා මර්දන එන්නත් ලද විගස එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීමට සූදානම් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.  එහි ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ ව...

 


කොරෝනා මර්දන එන්නත් ලද විගස එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කිරීමට සූදානම් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. 


එහි ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ කොවැක්ස් පහසුකම යටතේ ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදෙන එන්නත් මෙරටට ලබා ගැනීම සඳහා අවශ්‍ය මූලික කි‍්‍රයාමාර්ග මේ වනවිට ගෙන ඇති බවයි.


මේ අතර, කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ ප‍්‍රවණතාව හේතුවෙන් හුදෙකලා ප‍්‍රදේශ ලෙස නම්කර තිබූ කොටහේන, ආදුරුප්පුවීදිය, රුවන්වැල්ල යන පොලිස් වසම් සහ කුරුඳුවත්ත පොලිස් වසමේ හැටේවත්ත ප‍්‍රදේශය ඊයේ රාති‍්‍රයේ සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණා.

nethnews

No comments

Ads Place