Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

විදෙස් ආයෝජකයන් වරායට නව ජවයක් – මංගල සමරවීර

  කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයට විදෙස් ආයෝජකයන් සම්බන්ධ කර ගැනීම හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අලුත් යුගයක් මෙන්ම නව ජවයක් ලැබෙන බව හිටපු ව...

 


කොළඹ වරායේ නැඟෙනහිර පර්යන්තයට විදෙස් ආයෝජකයන් සම්බන්ධ කර ගැනීම හරහා ශ්‍රී ලංකා වරාය අධිකාරියට අලුත් යුගයක් මෙන්ම නව ජවයක් ලැබෙන බව හිටපු විදේශ හා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.


විදේශ ආයෝජන යනු රට පාවාදීමක් නොවන බව පේනවා දුන් හිටපු ඇමැති මංගල සමරවීර මහතා වියට්නාමය වැනි සමාජවාදී රටවල් පවා මෙම සත්‍යය අවබෝධ කරගෙන විදෙස් ආයෝජකයන් සමඟ සම්බන්ධ වී ඇති බවද පැවසීය.


2015 වසරේදී යහපාලන රජය විදෙස් ආ‍යෝජකයන් ගෙන්වා ගැනීම සඳහා තැබූ ආරම්භය ඉදිරියට පවත්වා ගැනීමට වත්මන් රජය තීරණය කිරීම සතුටට කාරණයක් බව කී ඒ මහතා, ඒ අනුව කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය විදෙස් ආයෝජකයන් සමඟ එක්ව දියුණු කිරීම සඳහා තමන් පූර්ණ සහයෝගය දක්වන බව කියා සිටියේය. ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (18) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

noizetv

No comments

Ads Place