Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දීය කොරෝනා එන්නත බාර ගැනීමට ජනාධිපති ගුවන් තොටුපලට යයි..

ඉන්දියාවෙන් ලැබෙන කොරෝනා මර්ධන එන්නත් නොගය අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළට ළඟා වීමට නියමිතය. එසේ ළඟා වීමෙන් පසු ඒවා භාර ගැනීම ජනාධිපති ගෝඨ...


ඉන්දියාවෙන් ලැබෙන කොරෝනා මර්ධන එන්නත් නොගය අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළට ළඟා වීමට නියමිතය.

එසේ ළඟා වීමෙන් පසු ඒවා භාර ගැනීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සිදු කිරීමට නියමිත බව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා සඳහන් කළේය.

ඉන්දියාව වෙනුවෙන් ඉන්දීය මහකොමසාරිස්වරයා විසින් මෙම එන්නන් භාර දෙන බවද ඔහු පැවසීය.

මෙම එන්නත් ලැබෙන්නේ ජනාධිපතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් අනුව යැයි ද ඔහු සඳහන් කළේය.

ඒ මහතා මෙම අදහස් පලක කලේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී මාධ්‍ය හමුවක් අමතමිනි.

No comments

Ads Place