Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුක්රේන සංචාරකයන් එන්නේ ‘බුබුළු’ ලෙසටයි.. කොරෝනා කාලේ ඒක රටට අදායමක්.. විපක්‍ෂයේ බොරුවලට රැවටෙන්න එපා..

  යුක්රේන සංචාරකයෝ මෙරටට ගෙන්වමින් සංචාරක ව්‍යාපාරය නැංවීම සදහා කරනු ලබන නියමු ව්‍යාපෘතිය පිළිබදව විපක්ෂය රටේ මහජනතාව නොමග යවන ප්‍රකාශ කරමින...


 යුක්රේන සංචාරකයෝ මෙරටට ගෙන්වමින් සංචාරක ව්‍යාපාරය නැංවීම සදහා කරනු ලබන නියමු ව්‍යාපෘතිය පිළිබදව විපක්ෂය රටේ මහජනතාව නොමග යවන ප්‍රකාශ කරමින් සිටිනවා යැයි ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ කොළඹ පිහිටි රාජ්‍ය අමාත්‍ය කාර්යලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි,

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

”පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් මෙම සංචාරකයින් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතිය සිදු කරනු ලබනවා. විදෙස් ගත ශ්‍රී ලාංකිකයෝ 70,000 ක් විතර යළි මව්බිමට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. ඒ වගේම සංචාරකයෝ විශාල ප්‍රමාණයක් එන්න බලාගෙන ඉන්නවා. මේ පිරිස් වාණිජ ගුවන් යානා මගින් ගෙන්වීමට පෙර අද්දැකීමක් ලබා ගැනීමට මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා. නියමු ව්‍යාපෘතියක් කරන්නේ ගුවන් තොටුපොළ විවෘත කිරීමට පෙර පවතින අඩුපාඩු හදාගෙන එය වඩාත් විදිමත් අයුරින් සිදු කිරීමටයි. අඩුපාඩුවක් තියෙනවනම් පෙන්නලා දෙන එක ගැන අපි සතුටුයි. කිසිදු කාරණාවක් නැතිව විපක්ෂය කරන විවේචන අපි තරයේ හෙලා දකිනවා.

කොවිඩ් නිසා ලෝකයේම ආර්ථිකය බිද වැටිලා. ලංකාවේ ආර්ථිකයටත් එම බලපෑම එල්ල වෙලා. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරයේ නියුතු ලක්ෂ 30 ක් මාස නවයක් තිස්සේ කිසිදු ආදායම් මාර්ගයක් නැතිව ජීවත් වෙනවා. රජයෙන් ලබාදුන්න පන්දාහේ දීමනාව ඇරෙන්න කිසිදු ආදායමක් නැතිව ඉන්නේ. වාහනවල ලිසිං වාරිකය ගෙවාගන්න විදිහක් නැහැ. ලබා ගත්තු ණය සදහා වාරිකය ගෙවා ගන්න විදියක් නැහැ. සංචාරක ව්‍යාපාරයේ නියුතු ලක්ෂ 30 ක් ජීවත්වීමේ අපහසුතාවයෙන් ඉන්නේ. ඒ නිසා ආණ්ඩුව තීරණයක් ගත්තා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම හරහා ඒ තුළින් ලබා ගන්නා ඇද්දැකීම් ඔස්සේ සංචාරක ව්‍යාපාරය යළි ගොඩනගන්න.

ගමේ ගොවියගේ පළතුරු ටික, එළවළු ටික, ධීවරයාගේ මාළු ටික, ඇදුම් මහන ගෙනාගේ ඇදුම්  ටික, ස්වයං රැකියා කරන අයගේ නිෂ්පාදන සංචාරක ව්‍යාපාරය හා සම්බන්ධ වෙලා යම් ආදායමක් ඒ ජනතාව උපයාගත්තා. මේ සියළු දෙනාගේ ව්‍යාපාර ටික නතර වෙලා. ඒ නිසා සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කරන්න සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමා මේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කළේ.

මේ නියමු ව්‍යාපෘතිය හරහා ආපු සංචාරකයෝ යාල, පින්නවල හෝ වෙනත් සංචාරක ස්ථානයකට යන්නේ සංචාරක බුබුළු විදියට. මේ පිරිස සාමන්‍ය ජනතාවට නිරාවරණය වෙන්නේ නැහැ. ජනතාව සමග සම්බන්ධ වෙන්නේ නැහැ. පීසීආර් දෙකක් කරලා සියයට සීයක් කොවිඩ් නැහැ කියලා තහවුරු කරගත්ත සහතිකයක් එක්ක තමා මෙම පිරිස එලියට යන්නෙ. මෙම පිරිස සමග සම්බන්ධ වන අයත් වෙනම ඉන්නේ. සාමන්‍ය මහ ජනතාව එක්ක සම්බන්ධ වෙන්නෙ නැහැ. මේ නිසා රටේ මහ ජනතාව බයක්, සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ.

විපක්ෂයට අවශ්‍ය වෙලා තියෙන්නේ රටේ ආර්ථිකය වැටෙනවට, කඩ සාප්පු වහල තියෙනවට, ඉදිකිරීම් ව්‍යාපාරය වැටෙනවට, ජනතාව නිවසේ වලට කොටුවෙලා ඉන්නවට, ජනතාවගේ ආදායම කඩාගෙන වැටෙනවට, සංචාරක ව්‍යාපාරය වැටෙනවට ඒ හරහා බලයට එන්න පුළුවන් කියලා.

රටේ ආර්ථිකය වැටුනොත් ජනතාවගේ ආර්ථිකය වැටෙනවා. කොවිඩ් පවතිද්දි ඒ නීතිරීති වලට යටත්ව අපි මේ ව්‍යාපාරය ගොඩනගන්න උත්සහ කරනවා. ජනතා විමුක්ති පෙරමුණ සියයට තුනට වැටිලත් මොලේ පෑදිලා නැහැ. ජනතා විමුක්ති පෙරමුණට ගැටළුවක් නැහැ මේ ව්‍යාපාර වැටුනට. ජනතා විමුක්ති පෙරමුණට වැඩ කළත් නැතත් සල්ලි හම්බවෙනවා.

කණගාටුවට කරුණ ආර්ථිකය ගැන දැනුමක් තියෙන ආචාර්ය හර්ෂද සිල්වා වගේ අය මේ සංචාරක ව්‍යාපාරයේ නැංවීමට කරන වැඩපිළිවෙල විවේචනය කිරීම. එතුමා යෝජනා කරනවා දවස් 14 ක් නිරෝධායනය කරලා සංචාරකයෝ ගේන්න කියලා. පීසීආර් දෙකක් කරලා, සෞඛ්‍යආරක්ෂිත ක්‍රම අනුගමනය කරලා, සංචාරක බුබුළු විදියට මේක කරද්දි දවස් 14 තියාගන්න කීවොත් එක සංචාරකයෙක් එන්නේ නැහැ. සංචාරකයෙක් ලංකාවට එන්නේ උපරිම දවස් 10 – 12 ක් සංචාරය කිරීමට. එහෙම එන කෙනා හෝටල් කාමරයක දවස් 14 ක් නතර වෙන්නේ නැහැ. මේගොල්ලො සංචාරකයා දකින්නේ ත්‍රස්තවාදියෙක් විදියට. මේ කොවිඩ් කාලේ සංචාරකයෝ එනවා කියන්නේ අපි ඒක පිලිගන්න ඕනේ. අපේ රටට අදායමක් එන්නේ, සංචාරක ව්‍යාපාරයේ නියුතු අහිසංක මිනිස්සුන්ට ආදායමක් එන්නේ මේගොල්ලෝ සංචාරය සදහා ආවොත් පමණයි. ඒ නිසා රටේ ආර්ථිකය ගොඩනගන්න ගන්න උත්සහාය විනාශ කරන්න එපා. සෞඛ්‍ය ක්‍රමවේදයන්ට මුල්තැන දෙමින් ආණ්ඩුව නියමු ව්‍යාපෘතියක් විදියට මෙය ක්‍රියාත්මක කරලා සංචාරක ව්‍යාපාරය වගේම රටේ ආර්ථිකයත් ගොඩනගන්න කටයුතු කරනවා.”

No comments

Ads Place