Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මුව ආවරණ නොපළඳින අයට අද සිට වැඩ වරදියි

  කොරෝනා තත්ත්වය හමුවේ මුව ආවරණ පැළඳීම අනිවාර්යය කර තිබුණද, මුව ආවරණ නොපැළඳීම ක‍්‍රමයෙන් සාමාන්‍යකරණය වෙමින් ඇතැයි පොලීසිය පවසනවා. පවතින තත්...

 


කොරෝනා තත්ත්වය හමුවේ මුව ආවරණ පැළඳීම අනිවාර්යය කර තිබුණද, මුව ආවරණ නොපැළඳීම ක‍්‍රමයෙන් සාමාන්‍යකරණය වෙමින් ඇතැයි පොලීසිය පවසනවා.


පවතින තත්ත්වය පාලනයට එය කිසිසේත්ම යෝග්‍ය නොවන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. එබැවින් අද සිට මුව ආවරණ නොපළඳින පුද්ගලයින්ට එරෙහිව මෙතෙක් ගත් කි‍්‍රයාමාර්ග දැඩි කර ඇති බව ඔහු කියා සිටියා. 


මේ දක්වා බස්නාහිර පළාත තුළ වැඩි වශයෙන් සිදුකෙරෙන අහඹු ඇන්ටිජන් පරීක්ෂණ ඉදිරියේදී වෙනත් පළාත්වලදීද, සිදුකිරීමට පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේ. 


මේ අතර මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේවනවිට 45,000 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ, ඊයේ දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 467 දෙනෙකු වාර්තාවීමත් සමගයි. ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 45,242 ක්. 

No comments

Ads Place