Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘පැණි සුමනේ’ යයි ගැරහූ කොරෝනා ඖෂධය තායිලන්තයේ රෝගීන්ට දීම අනුමත කෙරේ.. රෝගීන් සුව වේ..

  මීට මාස කිහිපයකට පෙර කොරෝනා වසංගතය මැඩලීමට සුදර්ශන පැණිය යොදා ගැනීම ගැන සමාජයේ කතිකාවක් ඇති විය. ඊට මුල් වුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍...

 


මීට මාස කිහිපයකට පෙර කොරෝනා වසංගතය මැඩලීමට සුදර්ශන පැණිය යොදා ගැනීම ගැන සමාජයේ කතිකාවක් ඇති විය.

ඊට මුල් වුයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ රාජගිරිය දේශීය වෛද්‍ය ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් හීන් බින් කොහොඹ (Andrographis paniculata) ඇසුරෙන් නිපදවූ සුදර්ශන පැණිය පිලිබඳ සිදු කල අනාවරණයකි.

මේ සම්බන්ධයෙන් පර්යේෂණ කණ්ඩායම ආයුර්වේද රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සමග පැමිණ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හමු වී මේ ගැන අදහස් දැක්වීමෙන් පසු අමාත්‍ය ජයසුමන මෙය රජයේ රෝහලක පර්යේෂණයට භාජනය කිරීම සුදුසු බව පැවසීය.

බටහිර ඖෂධවිද්‍යාව පිලිබඳ මහාචාර්යවරයකු වන ජයසුමන මහතාගේ ප්‍රකාශය ඇතැමුන්ගේ දැඩි විවේචනයට ලක් වූ අතර ඔහුගේ විරුද්ධවාදීන් “පැණිසුමන” නමින් නමක්ද ඔහුට පට බැන්දේය. ශ්‍රී ලංකාවේ පර්යේෂණ කටයුතු ඉදිරියට ගෙන යාමට විවිධ අන්දමින් බාදා ඇති කළේය.

කෙසේ නමුත් පසුගිය සතියේ තායිලන්ත සෞඛ්‍ය අමාත්‍යංශය හීන් බිංකොහොඹ ඇසුරින් නිපදවූ ඖෂධයක් කොරෝනා රෝගයට යොදා ගැනීම අනුමත කර ඇත.

මේ වන විටත් එරට රජයේ රෝහල් 5 ක එම බෙහෙත ලබාදීම ආරම්භ කර ඇත.

තායිලන්තයේ සිදුකරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත්තේ කොරෝනා රෝගය හඳුනා ගෙන පළමු පැය 72 අතර අතරතුර මෙම හීන් බිංකොහොඹ ඖෂධය ලබා ගතහොත් දින තුනක් ඇතුළත සැලකිය යුතු සුවයක් අත් වන බවත් කිසිදු අතුරු ආබාධයක් නොමැති බවත්ය.

No comments

Ads Place