Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මෝදර ධීවර වරාය කුණුකොල්ලයට බදු දුන් රාජිතට අධිචෝදනා

  මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත ඉතා අඩු මුදලකට බදුදීමෙන් රජයට පාඩු සිදු කළේ යැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් ...

 


මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමක් වෙත ඉතා අඩු මුදලකට බදුදීමෙන් රජයට පාඩු සිදු කළේ යැයි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව අධිචෝදනා පත්‍ර භාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා විත්තිකරුවන් රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට ඊයේ (18) නියෝග කළේය.


අධිචෝදනා පහක් මත අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා තිබුණි.


අධිකරණ සිතාසි මත ඊයේ (18) මෙම නඩුවට ප්‍රථම වරට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි කළමනාකාර අධ්‍යක්ෂ නිල් රවීන්ද්‍ර මුණසිංහ යන අයට එසේ අධිචෝදනා පත්‍ර බාර දුන්නේය.

noizetv

No comments

Ads Place