Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනවාරි මස අවසානයේදී සංචාරකයින් සඳහා රට නිල වශයෙන් විවෘත කරනවා - අමාත්‍ය ප්‍රසන්න රණතුංග

  සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජනවාරි මස අග වන විට ගුවන්තොටුපල සහ රට සංචාරකයින්ට නිල වශයෙන් විවෘත කිරීමට සියලූ කටයුතු සුදානම් කරමින් පවතින බව සංචා...

 


සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජනවාරි මස අග වන විට ගුවන්තොටුපල සහ රට සංචාරකයින්ට නිල වශයෙන් විවෘත කිරීමට සියලූ කටයුතු සුදානම් කරමින් පවතින බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා. එම දිනය ඉතා කඩිනමින් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි සංචාරක අමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා කියා සිටියේ.


එම සාකච්ජාවට එක්වූ හෝටල් හිමියන්ගේ සංගමය සහ සංචාරක සංවිධානය කරන සංගම් අවධාරණය කලේ පවතින තත්වය තුල සංචාරක කර්මාන්තය යලි ආරම්භ කිරීම සදහා රජය ගෙන ඇති කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් සිය සහය පළ කරන බවයි. මෙම නියාමන ව්‍යාපෘතිය පවතින තත්වය තුල සංචාරක කර්මාන්තය ආරම්භ කිරීම සදහා හොද පූුර්වාදර්ශයක් සපයනු ඇති බව ද හෝටල් සංගමයේ සභාපති සනත් උක්වත්ත එහිදි සදහන් කළා.


ඊට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග කියා සිටියේ මෙම නියාමන ව්‍යාපෘතිය සංවිධානය කෙරුනේ ඊට අදාල පුර්ව සුදානමක් ඇතිව බවයි. පැමිණෙන සංචාරකයින් අතර කොවිඞ් ආසාදිතයෙකු වාර්තා වුවහොත් ඔහු සම්බන්ධයෙන් ගත යුතු සියලූ පියවර සෞඛ්‍ය මාර්ගෝපදේශ මගින් අදාල සංචාරය සංවිධානය කරන්නන්ට හා හෝටල්වලට ලබා දී තිබෙනවා. 


එමෙන්ම ඔවුන් එම මාර්ගෝපදේශ නිසි ලෙස කි‍්‍රයාත්මක කරන්නේදැයි සෞඛ්‍ය බලධාරීන් සහ සංචාරක සංවර්ධන අධිකාරිය දැඩි අධීක්ෂණයකට ලක් කරන බවයි අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග සදහන් කලේ. ජනවාරි මස අග සිට සංචාරකයන්ට රට විවෘත කිරීමේදි අනුගමනය කළ යුතු කි‍්‍රයාපිලිවෙත් සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ජා කෙරුණා.

No comments

Ads Place