Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

අපේ ප්‍රතිශක්තියේ සාක්ෂිකරු සුදු රුධිරාණුයි

 අපට දැන් ජීවත් වීමට සිදුවී ඇත්තේ දත් තිස් දෙක මැද ඇති දිව පරිද්දෙනි. නව කොරෝනා වෛරසය කොතැන දත් විළිස්සා ගත් යකකු සේ බලා සිටිනවා ද කියා කිසි...


 අපට දැන් ජීවත් වීමට සිදුවී ඇත්තේ දත් තිස් දෙක මැද ඇති දිව පරිද්දෙනි. නව කොරෝනා වෛරසය කොතැන දත් විළිස්සා ගත් යකකු සේ බලා සිටිනවා ද කියා කිසිවකු නො දනියි. සුව ආරක්ෂක පුරුදු අනුගමනය කිරීම හැරුණු විට කෙනකුට රෝගයෙන් ආරක්ෂාවීමේදී විශ්වාසය තැබිය හැකි තවත් ප්‍රබල ශක්තියක් පවතියි.


ඒ සිරුරේ ප්‍රතිශක්තියයි. මේ දිනවල වැඩි දෙනෙක් ප්‍රතිශක්තිය ගැන කතා කරති. කෝවිඩ් - 19 ට වැඩිපුර ගොදුරු වන්නේ, වඩාත්ම රෝගය උග්‍ර වන්නේ බෝ නො වන රෝගයකින් ප්‍රතිශක්තිය දුර්වල වූ පුද්ගලයන්ය.


ප්‍රතිශක්තිය ගැන කතා කිරීමේදී අංක එකට මතකයට නැඟෙන්නේ සුදු රුධිරාණු ය. අපේ සියලුම රුධිර සෛලවලින් සියයට එකක් පමණ ඇත්තේ සුදු රුධිර සෛල ය. මේවා ආසාදන සහ සිරුරට බාහිරින් ඇතුළු වන විසබීජවලට එරෙහිව සටන් කරයි.


සාමාන්‍යයෙන් මිනිස් සිරුරක සුදු රුධිරානු, රුධිරාණු ඝන මිලිමීටරයකට 4000 - 11000 ක් තිබෙන අතර මේවා නියුට්‍රොෆිල්ස්, බැසොෆිල්ස්, ඉයුසිනොෆිල්ස් සහ ඇග්‍රනියුලොසයිට්ස් ( ලිම්ෆොසයිට්ස් හා මොනොසයිට්ස්වලින් සමන්විතයි. සුදු රුධිරාණු අඩු හෝ වැඩි වන්නේ


ආසාදනයක් ඇතිවී සිරුර රෝගීවූ විට ය.


සිරුරේ ආසාදනයක් ඇතිවූ විට මුලින්ම සටනට එන්නේ නියුට්‍රොෆිල්ස් ය. අසාත්මිකතාවලට දක්වන ප්‍රතිචාරයක් ලෙසින් හෝ පරපෝෂිත ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් ඉයුසිනොෆිල්ස් ප්‍රමාණය ඉහළ යයි. බැසොෆිල්ස් දුර්ලබ අතර ප්‍රදාහයක් පවතින විට ක්‍රියාත්මක වෙයි.


සුදු රුධිරාණු මට්ටම රුධිරය ඝන මිලිමීටරයට 3500 ට වඩා අඩුවූ විට ලියුකොපීනියා ලෙස ඒ තත්ත්වය හඳුන්වයි. මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ,


තදබල බැක්ටීරියා ආසාදනයකදී


වෛරස් ආසාදනයකදී


ස්වයංප්‍රතිරෝධීතාවයකදී ( ඔටෝඉමියුන් ඩිස්ඕඩර්ස් )


ඖෂධ සහ විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමේදී අතුරු ආබාධයක් ලෙසින්


ඇට මිදුළු ආශ්‍රිත පිළිකා තත්ත්වයකදී


සුදු රුධිරාණු මට්ටම රුධිරය ඝන මිලිමීටරයට 11000 ට වඩා වැඩිවූ විට එය ලියුකොසයිටොසිස් ලෙස හඳුන්වයි. මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ,


ගර්භණීවූ විට

ඇදුම රෝගයෙන් පීඩා විඳීන විට

අසාත්මිකතාවලදී

ප්‍රදාහයන් පවතින විට

ලියුකීමියා ඇතිවිට

ආතතියෙන් සිටිනවා නම්


සාමාන්‍ය මට්ටමට වඩා නියුට්‍රොෆිල්ස් මට්ටම ඉහළ ගොස් ඇත්නම් තදබල කායික අනතුරකින් පසු හෝ මානසික කම්පනයකින් පසු හෝ උග්‍ර ආසාදනයකදී ය. එසේත් නැත්නම් රුමැටොයිඩ් ආතරයිටිස්, ගවුට්, තයිරොයිඩිටිස් ( තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමීම ) තත්ත්වවලදීත් මෙසේ සිදුවෙයි. නියුට්‍රොෆිල්ස් මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා අඩු වන්නේ වෛරස් ආසාදනයකදී ය. ඊට අමතරව කිමෝතෙරපි ප්‍රතිකාරය ලැබීම, තදබල බැක්ටීරියා ආසාදන මේ කෙරෙහි බලපායි.


ඉයුසිනොෆිල්ස් මට්ටම අධික වීමෙන් අසාත්මිකතා, පිළිකා, පරපෝෂිත ආසාදන හඳුනාගත හැකිය.


නියමිත මට්ටමට වඩා ඉයුසිනොෆිල්ස් මට්ටම අඩු වන්නේ අධික ලෙස මත් වතුර ගැනීමේ හෝ කෝටිසෝල් මට්ටම වැඩිවීමේ ප්‍රතිඵලයක් ලෙසිනි.


කෝටිසෝල් සිරුරේ ප්‍රධානම ආතති හෝර්මෝනය ය. සිරුරට ඇතුළු වන විසබීජයකට එරෙහිව කෙරෙන සටනේදී වැදගත් මෙහෙයක් මේ හෝර්මෝනයෙන් සිදුවෙයි.


බැසොෆිල්ස් මට්ටම වැඩි වන්නේ පැපොල, අසාත්මිකතා, ලියුකීමියා වැනි තත්ත්වයන්හිදීය. අඩුවන්නේ පිළිකා, තදබල තුවාල, තීව්‍ර ආසාදන තත්ත්වවලදී ය.


ක්ෂය රෝගය, ලියුකීමියා, නිදන්ගත ආසාදන, පරපෝෂිත ආසාදන ඇති විට මොනොසයිට්ස් මට්ටම ඉහළ යයි.


මොනොසයිට්ස් මට්ටම පහළ යන්නේ සමහර ආසාදන, ඇතැම් පිළිකා තත්ත්ව නිසා ය.


වෛරස් හෝ බැක්ටීරියා ආසාදන හෝ ඕනෑම ප්‍රදාහයකදී ලිම්ෆොසයිට්ස් මට්ටම ඉහළ යයි. එච්අයිවී / ඒඩ්ස්, සෙප්සිස් (ආසාදනයකදී ඇතිවන මාරාන්තික තත්ත්වයක් ) , කිමෝතෙරපි ප්‍රතිකාර ගැනීම, ස්ටීරොයිඩ් ඖෂධ ගැනීම මොනොසයිට්ස් මට්ටම පහළ බැසීමට බලපායි.

tharunie.lk

No comments

Ads Place