Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිරෝධායන කඩා ටියුෂන් පන්තියක් කල ගුරුවරියක් අධිකරණය හමුවට…

  නිරෝධායන උපදෙස් වලට පටහැනිව හැටන් නගරයේ බාහිර පන්තියක් පවත්වාගෙන ගිය ගුරුවරියක් (08) දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි ...

 


නිරෝධායන උපදෙස් වලට පටහැනිව හැටන් නගරයේ බාහිර පන්තියක් පවත්වාගෙන ගිය ගුරුවරියක් (08) දින හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම ගුරුවරිය අධිකරණය හමුවේ වරද පිලිගත් නිසා එම ගුරුවරියට දැඩි ලෙස අවවාද කර රජයේ ගාස්තු වශයෙන් රු දහසක දඩ මුදලක් ගෙවන ලෙස හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත්වරයා නියෝග කලහ.

හැටන් දුඹුරුගිරිය පාරේ ආගමික ස්ථානයක ළමුන් 50 ක් පමණ සහභාගි කරගෙන නිරෝධායන නිති වලට පටහැනිව බාහිර පන්තියක් පවත්වාගෙන යන බවට හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා වෙත ලද තොරතුරක් මත මහජන සෞක්‍යය පරික්ෂකවරයා (08) දින  එම ස්ථානයට ගොස් බාහිර පන්තියට සහභාගි වි සිටි ළමුන් සියළු දෙනා නිවාස වෙත යොමු කර බාහිර පන්තිය පවත්වාගෙන ගිය ගුරුවරිය අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත.

No comments

Ads Place