Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

යුකේ‍්‍රන සංචාරකයන්ගෙන් කොරෝනා බෝවන්නේ නෑ…

  විදේශගත සංචාරකයන් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාප්තිය ඇතුළත ගෙන එන ලද යුකේ‍්‍රන සංචාරකයන් 1004 දෙනාගෙන් කොරෝනා ආසාදිතව ඇත්තේ 03 දෙනෙකුට පමණක් ...

 


විදේශගත සංචාරකයන් මෙරටට ගෙන්වීමේ නියමු ව්‍යාප්තිය ඇතුළත ගෙන එන ලද යුකේ‍්‍රන සංචාරකයන් 1004 දෙනාගෙන් කොරෝනා ආසාදිතව ඇත්තේ 03 දෙනෙකුට පමණක් බව කැබිනට් ප්‍රකාශක ඇමැති උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

එනිසා ඔවුන් ගෙන් රට අවදානමට පත් වන්නේ යැයි පළවන මතවල පදනමක් නැතැයි ද ඒ මහතා කියා සිටියේ ය.

යුකේ‍්‍රන සංචාරකයන් පිරිසගේ කොරෝනා ආසාදිත ගේ ප්‍රතිශතය 0.3%ත් අඩු බවද ඔහු පැවසීය.

මෙම සංචාරකයන් වෙන්කර සංචාරක බුබුලක් ලෙස තබා ගන්නා බැවින් ශ්‍රී ලාංකිකයන්ට ඒ ගැන ගැටලුවක් වන්නේ නැති බව ද ඔහු කියා සිටියේය.

සංචාරකයන් මෙසේ යළි ගෙන්වීම ආරම්භ කරන ලද්දේ ජනතාවගේ අවශ්‍යතා සැපිරීම සඳහා විදේශ විනිමය ද අවශ්‍ය නිසා ය යි ද පැවසූ ඔහු මෙරට අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය පියවන්නේ ද සංචාරක ව්‍යාපාරය හා විදේශගත ශ්‍රමිකයන් බවද සඳහන් කළේය.

No comments

Ads Place