Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රිලා රංචුවක් පාසැලේ බලය අල්ලති.. සිසුන් සපා කති.. උළු බිද දමති.. සිසුන්ගේ කෑම පාර්සල කා දමති..

  වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් බණ්ඩාරනායකපුර ආදර්ශ මහා විද්‍යාලය සහ අවට පිහිටා ඇති පිපෙන කැකුළු පෙර පාසලේ දරු දැරියන්ට සිය අධ...


 වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් බණ්ඩාරනායකපුර ආදර්ශ මහා විද්‍යාලය සහ අවට පිහිටා ඇති පිපෙන කැකුළු පෙර පාසලේ දරු දැරියන්ට සිය අධ්‍යාපන කටයුතු මර බියෙන් යුක්තව හැදෑරීමට සිදුව ඇති පුවතක් වාර්තාවේ.

මෙම පාසල සහ පෙර පාසල ඉලක්ක කර ගනිමින් සෑම දිනකම 200ට ආසන්න රිළවුන්, වදුරන් ආදි සත්ත්ව ග්‍රහණය සම්පූර්ණයෙන්ම පාසල් භූමිය ඔවුන්ගේ සින්නකරයට නතු කර ගන්නා බවට දරුවන් මැසිවිලි නගති.

සීග්‍ර ලෙස වර්ධනය වෙමින් ඇති මෙම රිළා ග්‍රහණය හේතුවෙන් මේ වන විට දරුවන් අධිමානසික පීඩාවක් මධ්‍යයේ සිය අධ්‍යාපන කටයුතු බාධාවකින් සිදුකර ගෙන යනු ලබන්නේ රිළවුන්ගෙන් නිරන්තරයෙන් එල්ලවන සීරිම්, සපාකෑම්, හිස මතට පැනීම වැනි සාධනීය හේතුන් මතය.

මෙම පාසලේ  6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර, මෙහි ළමුන් 700ට ආසන්න පිරිසක් සේම යාබද පෙර පාසල තුල ළමුන් 100ට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපන කටයුතු වල නියෙලෙන බව කියයි.

නමුත් මේ දරුවන්ට රිළවුන්ගෙන් අත්වන කෙනෙහිලිකම් සුළු පටු නොවන සුළු තරම්ය.

එපමණක්ද නොව මෙම පාසලේ පිහිටා ඇති භෞතික සම්පත් වලට රිළවුන්ගෙන් බලපා ඇත්තේ ඛේදණිය ඉරණමකි. අද වන විට රිළවුන්ගේ සංක්‍රමණය නිසාවෙන් වහළ වලට සෙවිලි කර ඇති උළු විශාල ප්‍රමාණක් කැඩී බිදී වැටී ඇති ආකාරයක් අප කැමරාවේ සටහන් විය.

පාසලේ ආරක්ෂාව සදහා සවි කර ඇති ආරක්ෂිත කැමරා පද්ධතිය ඇතුළුව අනෙකුත් විදුලි රැගෙන් පද්ධති වල සවිකර ඇති විද්‍යුත් කොටස් වරෙක රිළවුන්ගේ දත් පහරට හසුව විනාශයට ගොස් ඇත්තේ සිතා ගැනීමට නොහැකි ආකාරයටය.

තවද වහළය මතින් ඒ මේ අතට පනින රිළවුන්ගේ චලන මධ්‍යයේ ගැලවී යන උළු කැට දරුවන්ගේ හිස කර මතට වැටී ඇති වාර ගණන නිගමනය කල නොහැකි තරම්ය.

පාසල් දරුවන්ට මෙන්ම මේ පෙර පිසල් දරුවන්ට රිළවුන් සිදු කරනු ලබන රිළා වැඩ හේතුවෙන් නිවසින් රැගෙන එන දිවා ආහාරය අහිමි වන අවස්ථා නිරායාසයෙන්ම දක්නට ලැබෙන බව කියයි.

තවත් වරෙක පොත පත පවා මේ රිළා රංචුවේ ආධිපත්‍යට නතුකර ගෙන යන අවස්ථා නිසාවෙන් දරුවන් නිරන්තරයෙන්ම දැඩි පීඩාවන් මධ්‍යයේ සිය අධ්‍යාපන කටයුතු සිදුකර ගෙන යනු ලබන බව කියයි.

සමහර අවස්ථාවන වලදී මේ රිළවුන් සේම වදුරන්ගේ අනග රැගුම් නිසාවෙන් දරුවන්ට අධ්‍යාපන කටයුතු කර සිදුකර ගැනීමට ලතවන අවස්ථා එමටය.

පාසලේ නර්ථන කාමරය සිය වාස භූමිය කර ගත් මෙම රිළවුන් බෙර, ඇතුළු වාද්‍ය භාණ්ඩ රැසක් සම්පූර්ණයෙන් ඉරා විනාශ කර ඇති නිසාවෙන් දරුවන්ගේ කලා කුසලතා ඔප්නංවා ගැනීමට නොහැකිව දරුවන්ද රිළවුන් සේ හිස කසමින් නර්තන කාමරයේ කාලය ගත කිරීමට හුරුව තිබේ.

ප්‍රදේශවාසීන් ඇතුළු මේ දරු දැරියන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ තමන්ට නිදහස් අධ්‍යාපනය නිදහසේ ලැබීමට වරම් නැති රටක් හෙටට බිහි නොකර අද මේ රිළා ගැටළුවට විසදුමක් ලබා දෙන ලෙසය.

No comments

Ads Place